
සුරංගනා පාට මාරු කර සරුංගලයක් වගේ දිස්වුණ
මහ වියපත් ගැහැනියක් වගෙයි දේදුන්නක් විසි කළේ අහසට
වළං පිඟන්වල දඩි බිඩි සද්දෙට ගැස්සි ගැස්සී භ්‍රාන්තව
ගබ්සා වුණාවත්ද සමනලයෙකුගෙ ප්‍රේමය
නිළි වැසි වුණත් නවත්තන්නේ නැතුව වහින කොට
ගං ඉවුර ගසා ගොස් ඇත දන්නෙම නැතිව ඈතට
ගසක් නැත මලක් නැත නිදිකුම්බියක් නැත ඉවුරත
හුස්ම අල්ලන්න හෝ ගාන හඬ පමණි ඇහෙනවද අනෙකක් 'හෙම
ගිරා ජෝඩු විතරද කුරුලු පිහාටුත් ගියේ හරියට බැණ ගෙන
බකස් ගාලා විල පනින ගෙම්බෙක් වගේ හිනාවීගෙන
සමනලයයි රෝස මලයි අතැර ගිය ගෙදරකුයි ගැන වැයෙන කොට
තැටියෙන් නැඟෙන්නේ තනුද, වෙඩි වදින උණ්ඩද?
Picture - Dame Laura Knight, British Artist
කඳූ අක්කේ, අර "අක්කපාන පතක මුල් මෙන්" ලියලන ප්‍රේමය ගැන කවියත් දාන්නකෝ....
ReplyDeleteඒක පරණ කවියක් බස්සි!
Deletehttp://amaleymunasinghe.blogspot.com/2014/03/blog-post_1396.html