Tuesday, May 26, 2015

රූඪි උපමා වැනුම් මිස කවියෙකුට දැනෙද දුක අපමණ



රාත්‍රියේ අඳුරට තෙතබරිතව අඩදැණිව සසැලෙන සිතුවමකි
වෙරළ තීරයේ සමුද්‍ර ඝෝෂ විරිතට මෙන් අඩි තබන්නේ කවරෙක්ද, මා හදවතද
දිගු ළවැල්ලේ එරී ළපටි නෙරු මෙන් අඩි සටහනකි තලන මා පාරන
අඩ සඳ නළල කුංකුමය දිය කර සිවුරුහන්ලන්නෙක්ද දකුණු කුරුසිය

නිල් නයන මත රාත්‍රිය දිය කර හරමි පෙණ නඟන බීර වීදුරුවකට මහ මුහුද කෙටි කර ගනිමි
ප්‍රේමයෙන් උත්ථානව ඔඩිසිය රැඟූ හදෙහි වෙණ නදෙහි ඇසට ඇස හමුනොවෙන වේදනාව,අවිශ්‍රැතිය අත්දකිමි
අප්‍රමාදව අපමණව කල් මැරූ මුනිවතෙහි මුනිවර හදෙහි ගැඹරෙහි රාගයෙන් වෙළෙමි
තුඩින් මුදාහළ තෙලිසායමෙහි රළු බඳ එතී කුරුසයට ඇණ ගැසෙමි

නොවිපුලදැ මෙපමණ චලමුක්ත හැඟුම් ධාරා ගයා කුමටද දඩයක්කාරයාගේ දුන්නට
සඳේ ඡායාවට කැලතෙන වඩ දියට පිටු පා ගොඩ මානෙල් මලකි වනමුක්ත වැල්ලෙහි හිස තබන
ශීතයේ වෙවුලනා වලා පෙළ රඟන්නා වැනිද සරඹ සංදර්ශනයක් මහලු කවියෙකු අස
රූඪි උපමා වැනුම් මිස කවියෙකුට දැනෙද දුක අපමණ

Picture - Daniel Gerhartz

No comments:

Post a Comment