Tuesday, May 19, 2015

මිටියාවතක නැවතීම



දකින දකින කඳු නඟින්නට නොහිත
මිටියාවතක මියයන එක මොනතරං හොඳද
හති හළා දුව යද්දි ලෝකය
තුරුවදුලක් යට සැතපෙන එක නරකද
නිමාවක් නැති තරම කඳු ඉසෙහි
නිමාවක් නැති බව දුකෙහි
ලිස්සා වැටෙන හැටි යළි යළි
නැවතුණොත් විතරක්ම අනුදැනිය හැකි

Picture - Karl Williams

12 comments:

  1. අර්ථාන්විත බවින් ඉහළයි
    ජයවේ කඳු

    ReplyDelete
  2. වෙහෙසකර කඳු නැගීමකට වඩා මිටියාවතක විවේකයෙන් හිඳ කඳු දෙස බලා සැනසීම ඇත්තටම කොච්චර හොඳද?

    ReplyDelete
  3. මහා ලොකු හීන නැතිවුනත් ජීවත් වෙන්න ඕනෑ කරන මූලික ජීවන අවශ්‍යතා සපුරගන්නත් හැල්මේම දුවන මේ ජීවිතය ඇතුලේ නිස්කලන්කව තුරු වදුලක් යට ගිමන් හරින එකත් හීනයක් නෙමෙයිද?

    ReplyDelete
    Replies
    1. මිනිසුන් විසින් තනා ගත් ආකෘති විසින් සමාජය ඒ වගේ තැනකට ගෙනත් තියෙනවා! බොරු දේවල්වලට ලොකුවට වෙහෙස වෙන්න වෙලා තියෙනවා..

      Delete
  4. කන්දක් නොවේ නම්
    මිටියාවතක් කොහින්ද ?

    ReplyDelete
  5. ෂිස්...කඳු කියන නමටත් ලැජ්ජයි. මිටියාවතක නවතින්ට නම් කඳු කියල නම දාගත්තෙ අහවල් දේකටද?

    ReplyDelete
    Replies
    1. මිටියාවතක නැවතුණාම තමයි කඳු වුණත් හොඳට පේන්නේ.. :)

      Delete