Tuesday, May 26, 2015
මතක ජලාශය
තත් බිඳින්නා මෙනි ඇසෙන්නේ
කට කට ගගා හමන සුළඟ
මන්දස්මිතයක් වැනි හීන් ආලෝක තීරුවකි
දුර ඈත මහල් නිවසක කවුළුවක
නිද්රාවකින් මත් වී රැයෙහි කලපුව දිගේ හමන සුළඟ
සිවුරුහන් ලන විට උමතුවෙන් එක පිට එක නැඟෙයි රළ පෙළ
නෙරළු තුරකට වහන් වෙන මතකයකි ගසල් ගීයක්ද එය
තැන තැන හඬ නිහඬ වුණු වැළපීමක් නොවෙද දිගු රැය
කඩදාසි ඔරුවක බහා ලුණු දියෙන් විකල් වුණු
මතකයක් කියා හඬන සරකට උවම් දෙන්නට නොහැකිය
සිප්පි කටුවක් තබා අහස් අවානක කොණක
වසමි වෙඩි උණ්ඩයෙන් විවර වුණු මතක ජලාශය
Picture - joaquin mir trinxet_(Barcellona, 1873 - 1940)
Subscribe to:
Post Comments (Atom)
//මන්දස්මිතයක් වැනි හීන් ආලෝක තීරුවකි
ReplyDeleteදුර ඈත මහල් නිවසක කවුළුවක//
තිස් හතළිස්වැනි වතාවට කියවද්දිත් දැනෙන්නේ එකම ඇඟ හිටිවැටී යන හැඟීමමයි. කඳු හැදිලා තියෙන්නේ කවිවලින්ද?