Sunday, May 17, 2015

දුක් සයුර මත නැඟී ඈ ඇදී යන්නැති



*Nafeek's mother rejected offers of cash up to $16,000 from Saudis

අම්මා ඔබ සැබෑ අම්මෙකි
මල් දහසක් තබා වැඳිය යුතු අම්මෙකි
නෙළුම් මලක් ගෙන පැදකුණු කළ යුතු අම්මෙකි

කුසගින්න එද්දි මහ මුහුද දෙබෑ කර ගුරුළෙක් වගේ
ලොකු අක්කා රට යන්න කැමති වෙන්නත් ඇති
දුක නිවාගන්න වෙන මඟක් තියෙන්නත් නැතුව ඇති
හරි හමන් කවුරුවත් දුක අසන්නත් නැතුව ඇති

රජ අසුන ඈඳිගෙන සතෙන් සතෙත් හොරාගන්නා
හොරුන් රජ කරන්නැති බඩු මිලත් උඩ අරින්නැති
කඳුළු මිස ලුණු රහට කැඳත් නැති රෑ තියෙන්නැති
දුක් සයුර මත නැඟී ඈ ඇදී යන්නැති

අම්මාගේ ළයෙන් මිස මවු කිරි එරෙන් නැතුවැති
දරුවෙකු බලාගත්ත දැරියක හිතින් ඉකි ගැසෙන්නැති
සොහොයුරු සොයුරියන් මතක අස කැටි ගැසී
දුක් සයුර මත නැඟී ඈ ඇදී යන්නැති

http://en.wikipedia.org/wiki/Execution_of_Rizana_Nafeek

Picture - Julio Larraz (Cuban, b. 1944)

9 comments:

  1. හද සෙලවූ ඛේදවාචකය කදිමට චිත්‍රනය කරන්නට උත්සාහ ගෙන තිබෙනවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි!!

      Delete
    2. එහෙත්, එය කිසිවෙකුට චිත්‍රණය කළ නොහැකි කියාගන්නට බැරි දුකක්!

      Delete
  2. නියම අම්මා කෙනෙක්... කවිය හොදයි..

    ReplyDelete
  3. 'අම්මලා' එහෙමයි.

    ReplyDelete