Saturday, May 3, 2014

රසන්නුරුගොස් අසා ගල් ගැසෙයි සිසිර තෙම



අසත් දා වසත් කල කෙණෙහි විස්වස් නැතිව
රසන්නුරුගොස් අසා ගල් ගැසෙයි සිසිර තෙම
කොඳ කැකුළු මීපුපින් වෙළ වෙළා කියඹු රොද
වසත් අංගනාවක් සලයි හද අහඹු ලෙද

මහත් උත්කර්ෂ වැසි මවා කලකට අවැසි
නික්ම යන මං පමුණ බිඳ දමා හිස පියැසි
හිම කබා ඉරා පෙන්නා ඉතුව ඉරැසෙ රැසි
වරක් දෙවරක් නොවේ නුඹේ අපහාස ඇසි

සිසිරයෙම නවතිමි යළිත් දොර නොහරිමි
නැවත නොදකිනු පිණිස දොර අගුළු සඟවමි

* රසනාව = මෙවුල්දම

Picture - Genaro Lahuerta

4 comments:

  1. / සිසිරයෙම නවතිමි යළිත් දොර නොහරිමි
    නැවත නොදකිනු පිණිස දොර අගුළු සඟවමි /

    වසත් කල පැමිණ ඇත සියතුනගෙ ගී ඇසිණ,
    ධවල කුලු කවුළුවෙන් දිස් වෙනා නිල් අහස,
    දොර පියන් හරිනු වස් සුවඳ නල එනු පිණිස,
    සොයන්නෙමි අගුළු සැඟවූයෙ මම කොතැනකද?

    පවි ( පසුව විමසමි ) - රසන්නුරුගොස් = මෙවුල් දම් ඝෝෂාව ??

    ReplyDelete
    Replies
    1. hm..

      කාලයේ සැඩ සුළඟ දිරා පත් කළ යමක්
      සොයා කිම පලක් නැත පසු පැමිණ හුඟ දුරක්
      දැන් එතැන නැත අගුළු හා සේ ම කවුළුවත්
      ගිම්හානයම මිසක නැත වසත් කාලයක්!

      Delete
  2. රසනාව දන්නෙත් නෑ, මෙවුල්දම දන්නෙත් නෑ. ඉතින් කොහොම කරන්නද.

    ReplyDelete
  3. මේ ශුද්ධ සිංහල ...... ඒකත් හොදයි..... නැවතත් සිංහල ඉගෙන ගන්න.....
    මෙවුල්දම = මනිමෙඛලාව ? නේ.....
    නිර්මාණය හොදයි..... ගොඩක් හිතන්න පුළුවන්..... වගේම කෝණ කීපයක් , ඔස්සේ යන්න පුළුවන්......

    ReplyDelete