Thursday, May 1, 2014

අලුත් ගමනක්



මා සුසුම් වැල් සිප ගෙන
ගලා යන කල ගල ඔය
අහෝ කළු ගඟ ඔබ ළයට
පනින්නේ නම් නැත මම

විසුණු වුණු පැතුමන් හොවා ළෙහි
හැඬුව 'මුත් රුදු හුදකලාවෙන්
මියැදි පැතුමන් වීසි කර මම්
අලුත් ගමනක් යනවා
අලුතින් ම ඉපදෙනවා

Picture - Claude Monet

No comments:

Post a Comment