සපථ වූයෙමි මම
ලුහු නොබැඳිය යුතු බවට ඔබ
අත නොපැතිය යුතු බවට ඔබගේ
රැකුවෙමි මා මට දුන් පොරොන්දුව එපරිද්දෙන්
සපථ වූයෙමි මම
ආලය නොකළ යුතු බවට ඔබ හට
අසමත් වූයෙමි සැමවිට
දිගින් දිගටම හා මුළුමනින්
එහෙත් ලුහු නොබැන්ඳෙමි
නොපැතුවෙමි ඔබ
විසල් රිදුමකින් මතු වන
කුඩා කඳුළකි එබැවින්
වියැළ යන හැමවිටම
යළි යළිත් අලුත් වන
සෝක ගීයක් මෙන් වරින් වර මතුවන
මාත් නොදැනම මගේ සිත වළපන
ඔබව අමතක කළ නියාවෙන් පසු වෙන
අතිසාමාන්‍ය උපන්දින සුබ පැතුමක් ලිවීමට
තුන්සිය හැට හතර දවසක් වළකන!
Picture - Vincent Giarrano, American, Born 1960, Soho Cafe
No comments:
Post a Comment