Thursday, May 1, 2014

ගොවිපළ වසන්තය



ගොවිපළට ඇවිදින් වසන්තය
ගෝවා කොළ අතර සිට සිනාවෙන
බෝංචි වැල් සිනා තාලෙට නැළවෙන
කැරට් මුහුණක් උඩට එන්නට සිහින දකිමින

මේ වසන්තය
ගොවිපළට ආ වසන්තය

ගිගිරි හඬ නංවමින්
බිම් වටා ඇළ දොළ
වතුර ගෙන යන හනිකට

ලූණු මල් හිනැහෙයි
බැලේ නැටුමක් නටමින්
සැලේ අතිසිහින් ඉඟ
ලාලලා කියමින්

ආහ්ලාදජනක ගසකොළ
අදිසි හාදුවක් තියමින්
බීට් හදවතක් රතු කර
පැන යයි ගීතයක් ගයමින්

Location the Eden Project - Cornwall - England
Picture courtesy - Green Renaissance

No comments:

Post a Comment