Friday, May 2, 2014

ප්‍රේමය කියන්නේ දුටුවනින් හද නතර වෙන තැනද?



ඔබ හිටියෙ පැරණි පුස්තකාල මේසයක
උපැස් යුවල අතරින් ගණනකට ඇස් යොමාගෙන
සීත සෘතුවේ හිම කැටිත්තක් මෙන් ගල් වෙලා
මම මිදී ගියා එක වර ම ඔබ ඇස් මත

ප්‍රේමය කියන්නේ ඒකද
දුටුවනින් හද නතර වෙන තැනද
වියළි දෙව්දාර පතක් මෙන් එහෙනං
ප්‍රේමයක් මියැදීම හරිද?

Picture - Gladys Roldan de Moras

No comments:

Post a Comment