
නාඳුනන මුහුණු රාසියක් පුරාවට
හඳුනන හුරුපුරුදු එක මුහුණක් නැති කොට
කඳු පේළි අතරින් ඉස්සි ඉස්සී බලන
රොබරෝසියා ගහක ලස්සනත් මොකටද
ඉවතලන්නට ඔබව සිතට ඕනෑ නැති විට
උණුසුමින් වැළඳගමි සිතින් සිප ගනිමින
වේදනා ගෙන දෙන බැඳීමක් නැතිවම
අපමණ සිනාවකි ඔබ හදට ගෙන එන
කාලයත් ආලෝක වේගයත් පසුකර
ඔබට ආයෙම එන්න පුළුවන්ද මොහොතකට
අයින්ස්ටයින්ට හිනා වෙමු මහ හඬින් එතකොට
නිබ්බුත පදත් වීසි කර ආලයේ නමටම
Picture - Raymond Leech
ළඟ තියෙන දේවල් වල අගේ වැඩි වැඩියෙන් දැනෙන්නෙ ඒවා අපි ළඟ නොමැතිව්ටයි. අපෙන් ඈතට ගිය විටයි.
ReplyDelete