
හදවත කීරි ගස්සන පහමාර සීටිබී බස්සෙක
අද්දද්දි ගෙයි පහළ කන්ද
නුඹේ හදවත ගැහෙන හඬ
ඇහුණ මට දුන්හිඳත් පරදගෙන
ගිහින් එන්නම් කියා ඇස් දෙකින් කියාගෙන
ආවත් නොබලාම බදුලු ඔය
හදවත නතර වී ඇති බව ඔයා ළඟ
මට දැනුණ පපුවම රිදෙන කොට
නුඹේ අත් දෙකින් අහුරපු
රෙදි බෑගයේ තිබී
හමුවුණා මට ඔබේ
එක කඳුළකට කැටි වුණු
කඳුළු සයුරක්ම
වෙසක් සඳ නිවී යද්දිම
කඳුළු එක්වුණු නුඹේ ඇස් දෙක
මගේ ඇස් මත තියාගෙන
ඒත් මම යනව පුරුදු විදිහට වැඩට
ගෙයක් දොරක් හදාගෙන
අහවරක් වෙච්ච දවසට
මං හොයාගන්නං රස්සාවක්
හැමදාම හවසට ගෙදර එන්න
ඔබේ කිචි බිචි අසාගෙන
මුළු රෑම දහවලම හිනා වී ගෙන ඉන්න
ඒ දවස එන කං කඳුළු පිහගන්න
Picture - Aldo Balding
ඇත්තටම හිත කීරි ගැහුනා . ලස්සනයි
ReplyDeleteහරිම දුක්බර අත්දැකීමක්!
Delete