Tuesday, May 13, 2014

නිකමටවත් හිතෙන් නැද්ද ඔබට?



නිකමටවත් හිතෙන් නැද්ද ඔබට
මා ළඟින් උන්නා නම් කියා
නොතේරෙන බසකින් කියෝ කියො
වද වෙන තුරුම කවි ලියා

යෝගියෙක් වගේ දුර
එළි මිදෙන ක්ෂිතිජය දෙස බලා
නුඹ තනිව සිටින කල
වැටෙමි උල්කා තරු වෙලා

ඉලක්කම්වලින් දුර ඈත
බර සාර ලියුමක් වෙලා
තැපැල් පෙට්ටිය තුළ තිබේ ලිපි
හිම මිදී දියබත් වෙලා

Picture - Christina Nguyen

No comments:

Post a Comment