
අසත් දා වසත් කල කෙණෙහි විස්වස් නැතිව
රසන්නුරුගොස් අසා ගල් ගැසෙයි සිසිර තෙම
කොඳ කැකුළු මීපුපින් වෙළ වෙළා කියඹු රොද
වසත් අංගනාවක් සලයි හද අහඹු ලෙද
මහත් උත්කර්ෂ වැසි මවා කලකට අවැසි
නික්ම යන මං පමුණ බිඳ දමා හිස පියැසි
හිම කබා ඉරා පෙන්නා ඉතුව ඉරැසෙ රැසි
වරක් දෙවරක් නොවේ නුඹේ අපහාස ඇසි
සිසිරයෙම නවතිමි යළිත් දොර නොහරිමි
නැවත නොදකිනු පිණිස දොර අගුළු සඟවමි
* රසනාව = මෙවුල්දම
Picture - Genaro Lahuerta
/ සිසිරයෙම නවතිමි යළිත් දොර නොහරිමි
ReplyDeleteනැවත නොදකිනු පිණිස දොර අගුළු සඟවමි /
වසත් කල පැමිණ ඇත සියතුනගෙ ගී ඇසිණ,
ධවල කුලු කවුළුවෙන් දිස් වෙනා නිල් අහස,
දොර පියන් හරිනු වස් සුවඳ නල එනු පිණිස,
සොයන්නෙමි අගුළු සැඟවූයෙ මම කොතැනකද?
පවි ( පසුව විමසමි ) - රසන්නුරුගොස් = මෙවුල් දම් ඝෝෂාව ??
hm..
Deleteකාලයේ සැඩ සුළඟ දිරා පත් කළ යමක්
සොයා කිම පලක් නැත පසු පැමිණ හුඟ දුරක්
දැන් එතැන නැත අගුළු හා සේ ම කවුළුවත්
ගිම්හානයම මිසක නැත වසත් කාලයක්!
රසනාව දන්නෙත් නෑ, මෙවුල්දම දන්නෙත් නෑ. ඉතින් කොහොම කරන්නද.
ReplyDeleteමේ ශුද්ධ සිංහල ...... ඒකත් හොදයි..... නැවතත් සිංහල ඉගෙන ගන්න.....
ReplyDeleteමෙවුල්දම = මනිමෙඛලාව ? නේ.....
නිර්මාණය හොදයි..... ගොඩක් හිතන්න පුළුවන්..... වගේම කෝණ කීපයක් , ඔස්සේ යන්න පුළුවන්......