Wednesday, May 28, 2014

හැම උදෑසනම හයිකු කවියක් (බොන්න)



අල්ලට ගත් සීනි බිඳක්
කහට කෝප්පයක්
හෙල්මළු කෙත් අතර
හයිකු කවියක්

කිරි කෝපි සුවඳ
බැලේ නටන වියළි පත්
හැම උදෑසනම
හයිකු කවියක්

වැස්ස
කෝපි හල
අතර නවතින
හයිකු කවියක්

Picture - Goyo Dominguez

2 comments:

  1. සීතල සිතුවිලි
    දවන අතරම
    උණුසුම
    කෝපි උගුරක

    - හයිකුද මන්දා..

    ReplyDelete
  2. අපූරුයි
    එතකොට ජීවිතේම හයිකු කවියක් නොවැ

    ReplyDelete