Monday, May 12, 2014

පරඬැල් පතක්



මම පරඬැල් පතක්
නිදහසේ ඈතට ඇදී යන
හළ බැවින් බැමි බැඳුම් මත
වඩා පහසු ව ඉගිල යමි මිත
දනී නම් එහි අචල සුව
අලජ්ජය පැවසුම හරිත පත්
තමාමය ශ්‍රේෂ්ඨ තමාමය ශ්‍රේෂ්ඨ
වඩා ප්‍රීති විය හැක්කේ
අනුන් ශ්‍රේෂ්ඨ වූ පසුවය
වඩා සුරක්ෂිත විදිහ
නොවන්නෙද එය?

Picture - Brenda Burke

1 comment: