දරාගෙන සිටිමි ඔබ
අසපුවක් මෙන් සබඳ
විඳිනු බැරි හිත ඇතිව
නිරාමිස සුව ගෙනෙන
නිකසලව නිසසලව
භාවයන් දරාගෙන
සිටින ඔබ තුඟු විසල් විලාසෙන්
පසු කරන් ඇදී යන ගංගාව වෙමිය මම
තැවුල් දිය රැළි කළඹ හිත දරන්
පෙමින් සිපගනිමි ඔබ
මලින් සරසමි ඉවුර
රැඳෙන්නට වරම් නැති ලෝකයක
පියෙන් පිය දුරින් දුර අඩි තබා නික්ම යන
ගංගාව වෙමිය මම ඔබ වෙතින් ඇදී යන
Picture - Michael and Inessa Garmash, Russian, Captivating
ඹබ මලක් වෙලා සඳ එළියේ පිපේවී..
ReplyDeleteගීතය මතක් වුනා.. ගැලපෙන්නෙ නැහැ තමා.. ඇයි මන්දා..
ඔබ මලක් වෙලා වන අරණේ පිපේවී
Deleteමා සුළං රැළක් වී ඔබ පිස හමාවී... ♥
මට මතක් වුණේ සිනා තොටක් විය....
ReplyDelete