
පුළුලුරින් එක පසක්
වෙන් කරන්නට හැකිද මගෙ නමින්
ලවන් තෙර සිනා නෙළුමක්
පුබුදුවන්නට හැකිද මා නමින්
නිල් නයන මත දිලෙන පහන් පැල එළියක්
තබන්නට හැකිද මා යන මඟින්
ඒත් නුබ පුරා සඳ මෙන් සුපිපි ඔබේ
මුළු හද ම ඕනෑය මගෙ නමින්
මේඝයක් මෙන් අහසම කඩා ඇවිත්
ගෙනයන්න හැකිද දුක මා හදින්
හාදු පිනි තෙත මුසුව හදේ ඉන්දා නෙළුම
සිපගන්න හැකිද මිණිවර කුසුම්
මුළු හද ම ඕනෑය මගෙ නමින්
මුළු හදම ඕනෑය මගෙ නමින්
Picture - 'A beautiful mind'
\\මුළු හද ම ඕනෑය මගෙ නමින්//
ReplyDeleteමෙහෙම උනාම නම් අර කීව අනිත් දේවලුත් නික්ම්ම මුළුමනින්ම අයිතිවෙනවා.