Friday, May 2, 2014

අලුතින්ම වචන එක් කළ යුතුය ශබ්ද කෝෂයකට!



ඔබට ඇති ප්‍රේමය කියුමට
අලුතින්ම වචන එක් කළ යුතුය ශබ්ද කෝෂයකට
නො එසේ නම් කෙසේ
පවසම්ද හද ගැඹුරු ප්‍රේමය

අද්භූත වේශයෙන් මා යන යන තැන්හි ඇවිදින
කතා කරනට තොල් පටලවා කතා නොකරම නවතින
විභාගය කොහොමදැයි නොඅසා හෙමින් නැවතුණ
ඔබේ එක බැල්මක් පවා කල්පයක් මම කියවන

කළුවැල් කපුරු දුම් අතරින් සැළලිහිණිය ඉගිලෙන
නොහිම් ප්‍රේමයක කවියක් මඟ තියා යනු මැන
ප්‍රේමයට ප්‍රේමයක් හිමි නොවී නිම වුණ
තවත් කවි තියෙනවද ඔබට මඟ හමුවුණ

Picture - Ignat Ignatov

5 comments:

  1. "ඔබේ එක බැල්මක් පවා කල්පයක් මම කියවන"
    මේක නම් නියමයි, හිතට දැනෙන විදිය ලස්සනට පද වැලක් කරලා.. ජය වේවා !!

    ReplyDelete
  2. ලියන කවියක වචන පද වැල් නොනිදා ඉගිලේ සයිබර් අවකාසේ.

    ලංකාවේ නිදහස්ම ෆෝරම් වෙබ් අඩවිය නෙතින් එහා සමඟ එකතු වෙන්න

    ReplyDelete
  3. මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා..

    ReplyDelete
  4. සමහර ආදරයන් විස්තර කෙරුමට අප දන්නා වචන මදි තමා..

    ReplyDelete
  5. ආදරය කවදාවත් සමමිතික නැති නිසා, මේ හැගීම් දැනේවි....

    ReplyDelete