දැන් මම ලියන්නේ නැත. ලියන්නට පටන්ගත් විට මහා කරදරයකි. නොනවත්වාම උනන වචන ලියන්නට ගියොත් යටත් පිරිසෙයින් ඇති තරමට කන්නට නිදන්නටවත් නොලැබෙයි. උනන වචන ඔහේ වියැක යන්නට ඉඩ හරිමි. ලියුවා කියා කවර නම් පලක්ද? පොකුරු පොකුරු වැසි වසින අතරේ ගුලි ගැහී නිදීම දැනට කදිමය.
Picture - Stephen Dabirshire
ඔන්න කිව්ව!
ReplyDeleteමේක සිතිවිල්ලක් පමණක්ම වේවා කියල ප්රාර්ථනා කරනවා.
ඔබේ ලිවිල්ලෙන් ඔබට වැඩක් නැතිවා වෙන්න පුලුවන්. ඒත් ඒ ලිවිල්ල හැම වෙලේම විඩාබර අපේ මනසට අස්වැසිල්ලක් ගේනවා. ඔබේ ලිවීම හුල ඔබ කමෙන්ට්ස් නොසලකා හරින නිසා නිතර කමෙන්ට් කරන්නෙ නෑ. ඒත් ඒකෙන් අදහ්ස වෙන්නෙ නෑ ඔබේ නිර්මාණ අපි නොසලකා හරින බව.
ස්තූතියිxxxx
Deleteකමෙන්ට්ස් නොසලකා හැරීමයි බලාපොරොත්තු නොවීමයි දෙකක්!
Deleteකඳු.. කමෙන්ට් එකකින් පුලුවන් නේද නිර්මාණකරුවන් අතර හොඳ සංනිවේදනයක් ගොඩනඟාගෙන අපි එකිනෙකාගෙ අඩුපාඩු හදාගන්න. ඒ නිසා කමෙන්ට් බලාපොරොත්තු නොවීමත් දුර්වලකමක් මට හිතෙන හැටියට. ඒකෙන් තමන්ට වටිනා අවස්ථාවන් රාශියක් නොලැබෙනවා.
Deleteකමෙන්ට් බලාපොරොත්තු වීමයි, කමෙන්ට් වලට පෙරේත කමයි කියන්නෙනම් සපුරාම දෙකක්!
//ලියුවා කියා කවර නම් පලක්ද?//
ReplyDeleteඇයි මේ අපට කියවන්න!
ගුලි ගැහිලා නිදන කොට
දකින හීනයක් දෙකක් උනත්
කමක් නෑ මෙහි ලියන්න
ඉඳහිට ලියන්නම් නිරෝ!!
Delete" ලියුවා කියා කවර නම් පලක්ද? "
ReplyDeleteලියන අය ලියන්නේ ... මෙහෙමත් හිතාගෙන නම්....., අකුරුවලට දෙයියන්ගේම පිහිටයි !
ඒක තමයි.. :)
Deleteවහින වෙලාවට සිතට දැනෙන කතා ලිව්වා නම් අපි බලනවනෙ....
ReplyDelete