'මරණය නොයෙක් වෙසින් පැමිණෙයි'
මැයි මාසයේ පැහැදිලි අහස වෙත
ඔබ ගී ගයන කල
සැන්දෑ ආකාසය බලා
සුසුම් ලන සඳ
සමවාරයෙහි උණුසුමට අත තබන විට
විදුලිය සරක් මෙන් පැමිණිය හැකියි
පියතම කවිය ඔබ මුමුණන කල
අයුක්තියට එරෙහි සටනට ගිවිසන කල
බිඳෙන මිනිසත්කමට මවිත වන සඳ
නල රළක් මෙන් පැමිණිය හැකිය එය
ගොයම් කුඹුරු පීදී සෙමෙර සලන සඳ
උපාධි නිබන්ධනයට තිත තබන කල
ඇල දොළ ප්‍රීතියෙන් පිටාර යන බිම
ගැල් බැඳි ගොනුන් තණ බිම් තරණය කරන කල
සුසුමක් මෙන් වළප පැමිණිය හැකිය එය
දුම්රියෙහිද බසයෙහිද පා ගමනෙහිද
වැඩ වරා ගෙදර යන කලද උදෑසන උදා වන කලද
පෙර දින වෙහෙස නිවෙන්නත් කලියෙන්
අලුත් දවසක් කවුළුවට අඬ ගාන කලද
තාරුකාවක් අහස් ගබ නෙතු පියන කලද
ගිරි කුළක සිකුරු තරුවක් ඇඳෙන කලද
නැළවිලි ගීයකින් තොටිල්ලක දුක නිවෙන කලද
ගිලන් ඇඳෙහිද මඟුල් යහනෙද
එක සේ ම පවතීය මරණය
තමා පිළිබඳ මානයෙන් පිරී'තිරෙනා විටද
කාල සටහන් වැඩින් පිරී යන කලද
රාත්‍රී දිවාවන් විඩා ලන සඳද
අපට අප කවුරුදැයි සොයා ගත නොහෙන පැයද
කූඩු හදමින් කුරුල්ලන් සිහින මවනා රැයද
රුක හළ තිඹිරි පලක් සීසී කඩ විසිර යන පමාවෙන්
'මරණය නොයෙක් වෙසින් පැමිණෙයි'
මීදුම බිඳෙන විදිලි ආලෝකයක් මෙන්
ඕනෑ මොහොතක පැමිණිය හැකිය එය
උපත මංගල්‍යයක් නොවන්නේ යම් සේ ද
මරණයද අවමංගල්‍යයක් නොවන්නෙය
ජීවත් වුණු යමෙක් මංගල්‍යයක් මෙන් නිබඳ
අවබෝධයෙන් සිත පිවිතුරු බවින් පිබිද
මරණය මහා මංගල්‍යයයි සබඳ!
Thursday, June 23, 2016
Thursday, June 9, 2016
මුන් මිනිස්සුද හිරිකිත නැතුව ඉල්ලන්න වාහන?
බස්වලද දුම්රියවලද පාපුවරුවේ
දහදියෙන් පෙඟි පෙඟී
මිනිසුන් උදේ රෑ ගමන් යන රටක
පුපුවරුව දිරා බිඳී කැබලිතිවලට
හීන අහුරුත් අරන් මිනිසුන් මිය යන රටක
මුන් මිනිස්සුද හිරිකිත නැතුව
ඉල්ලන්න වාහන?
ගැබිනි මවුවරුන් ලිස්සා යතැයි බියෙන්
අල්ලාගෙන නණ කැඩුණු කුඩ
ඇවිද යද්දී වැහි වහින පාරවල
විඩාපත් වී දුකින් වෙහෙසින්
තෙතබරිත සාරි මෙල්ල කර ගනිති ගැහැනුන්
පාපුවරුවට නැඟගනු බැරුව
අන්තිම රියත් මඟ හැරුණු මිනිසුන්
මුන් මිනිස්සුද සූරා කන්න එහෙව් මිනිසුන්?
කට්ට කළු වුණු පිළිස්සුණු සම ඇතිව
කරකුට්ටං වී ගිනියමේ මහ පාරවල
එදා වේලත් නැතුව සාගින්නෙ තැවෙන මිනිසුන්
වැඩ පලේ නිම් නැතුව දහදිය පෙරන මිනිසුන්
රළු ගැහුණු දෑත් එක්කොට එකට බැඳ
හෙට දවස හොඳ වෙන්න දුක දරන මිනිසුන්
උන්ගේ දුක් කඳුළු කඳු මතින් ඉහළ නැඟ
මුන් මිනිස්සුද සූරා කන එහෙව් මිනිසුන්?
දහදියෙන් පෙඟි පෙඟී
මිනිසුන් උදේ රෑ ගමන් යන රටක
පුපුවරුව දිරා බිඳී කැබලිතිවලට
හීන අහුරුත් අරන් මිනිසුන් මිය යන රටක
මුන් මිනිස්සුද හිරිකිත නැතුව
ඉල්ලන්න වාහන?
ගැබිනි මවුවරුන් ලිස්සා යතැයි බියෙන්
අල්ලාගෙන නණ කැඩුණු කුඩ
ඇවිද යද්දී වැහි වහින පාරවල
විඩාපත් වී දුකින් වෙහෙසින්
තෙතබරිත සාරි මෙල්ල කර ගනිති ගැහැනුන්
පාපුවරුවට නැඟගනු බැරුව
අන්තිම රියත් මඟ හැරුණු මිනිසුන්
මුන් මිනිස්සුද සූරා කන්න එහෙව් මිනිසුන්?
කට්ට කළු වුණු පිළිස්සුණු සම ඇතිව
කරකුට්ටං වී ගිනියමේ මහ පාරවල
එදා වේලත් නැතුව සාගින්නෙ තැවෙන මිනිසුන්
වැඩ පලේ නිම් නැතුව දහදිය පෙරන මිනිසුන්
රළු ගැහුණු දෑත් එක්කොට එකට බැඳ
හෙට දවස හොඳ වෙන්න දුක දරන මිනිසුන්
උන්ගේ දුක් කඳුළු කඳු මතින් ඉහළ නැඟ
මුන් මිනිස්සුද සූරා කන එහෙව් මිනිසුන්?
Wednesday, June 8, 2016
අන්න ඒකයි කැමති වෙන්නට බැරි මට
අන්දර වැට අද්දර සිට ඔබ
'එයා කැමතියි මට
කැමති වෙන්නද මාත්'
ළපටි නා පතක් මෙන් රතුව
ඇසූ හැටි මතකැති බැවින් තවම
අන්න ඒකයි හේතුව
මට ඔබේ පින්තූරවලට කැමති වෙන්නට බැරි වන
යගදාවක් මෙන් බර වෙයි මගෙ හිත
කාලාන්තරයක් වැළලිලා ගිහින් වෙන කොට
නමුණුකුල මෙන් ගැහෙන තරමට හීතල
ඔබේ උණුසුම් අලුත් පින්තූර
හිමාලය මෙන් දිය කරයි අතීතය වත
අතීතය කියන්නේ එක්තරා මුසාවක් නම්
දිය බුමක් මෙන් මතුව එන මතකය!
'එයා කැමතියි මට
කැමති වෙන්නද මාත්' ඔබෙ හඬ
ගැබ්බර අහස මෙන් කඩා වැටෙනවා සවනට
අන්න ඒකයි කැමති වෙන්නට බැරි මට
ඉන් එහා දර්ශනයක් ඇත්තෙත් නෑ ඒකට
Picture - Trent Gudmundsen, from Utah, USA
Subscribe to:
Posts (Atom)