2027 වසරෙන් නික්ම 2028 වසර උදා වන තුරුද ඒ මහා භීෂණය උසුලාගෙන අපි ජීවත්වෙමින් සිටියෙමු. 2027 වසර තුළ විධායකයේත් ව්‍යවස්ථාදායකයේත් අධිකරණයේ සහ රාජ්‍ය සේවයේත් ක්‍රියා කලාපය දෙස බැලූ කල එය මහත් වූ විස්මයකි.
2028 ජනවාරි පළවැනිදා මගේ හෘද සාක්ෂිය මා මෙසේ අමතයි.
"ඔය කොපිරයිට් වැඩක් නෑ නොවැස්කා.. හ්‍යුමන් රයිට් ගැන බලන්න. හ්‍යුමන් රයිට් තියෙන සමාජයක කොපිරයිට් නිකම්ම රැකෙනවා. මිනිස්සු හොරා නොකන දවසක කොපිරයිට් විතරක් නෙමෙයි හ්‍යුමන් රයිටුත් රැකෙනවා.."
ඒත්, කොහොමද ඒක කරන්නෙ.. සාමාන්‍ය පුරවැසියෙකුට.. එහෙමත් නැත්තං නිකම්ම නිකම් මිනිහෙකුට මේ රටට තියෙන අයිතිය මොකක්ද.. මේ රට පැසවලා සැරව ගලන තුවාලයක් වගෙයි.. මිනිස්සු සැපයි සැපයි කියල ජීවත් වෙනවා.. තමන් ඉන්නෙ ගිනි හැලියක කියල තමන්ම දන්නේ නෑ.. තමන්ට කෙළවෙන කං ඒක එයාලට අදාළත් නෑ.. අනෙක් කොටස තමන්ට වෙන ඕනෑම අසාධාරණයක් කරබාගෙන දරන් ඉන්නවා.. කරුමෙ කියනවා.. බලයට ආවඩමිනුයි තමන් ආරක්සා වෙන්න හදන්නෙ.. තමන් වටා ඇති පොදු සමාජයෙ වේදනාවෙන් ඇකිළෙද්දි තව එක පිඟානක් කෝප්පයක් වුණත් කමක් නෑ තමන්ට අයිති කරගෙන සැපවත් වෙන්නයි චියැංගෝවේ පොදු ජනයා පොර කන්නෙ..
මේ රටේ කිසිවක් කරන්නට බැරි අන්න ඒ පොදු ජනයා නිසයි.. තමන් වටා තියෙන සමාජයේ සැරව ගඳට උන් කොපමනක් හැඩ ගැහිලද කිව්වොත් උන්ට ඒක දැනෙන්නෙත් නෑ.. මේ රටේ කිසි දෙයක් සුද්ද බුද්ද කරල පිළිවෙළක් කරන්න බැරි ඒ නිසයි..
නොවැස්කා ඔයා මල් වෙඩි වගේ කවි ලිව්වට වැඩක් නෑ.. එව්ව උල්කාවටත් වඩා වේගෙන් කඩා වැටෙනවා..
"ඒත් මන් ලිව්වේ මුළු හදවතින්ම.. තමන්ගෙ අම්මගෙ සොහොන ළඟදි මාංචු දාල අත් අඩංගුවට ගද්දි හදවතට ඉතිරියක් තියෙනවද.."
"වැඩක් නෑ නොවැස්කා.. නිකං බොළඳ කතා කියවන්න එපා.. මේ චියැංගෝවෙ යුක්තිය ගොඩ දැම්මෙ නෑ කවදාවත්.. ගොඩ දැම්මෙ මැරුණු/මරපු මිනිස්සුන්ගෙ සොහොන් විතරයි.."
Painting - George Inness, American, 1825 - 1894, Gray Day, Goochland, Virginia