ගංගා වැව් දියට උඩින්
ඉර පායා ඇත මනරම්
සුබ දවසක නිමිති අරන්
පායා ඇත ඉර මනරම්
දුක් ගී තුටු වදන්වලට
කවි අමුණා සියොත් නදට
සහස් රිවි පබා එළි කොට
අරුතක් දී සිහින කෙතට
මල් පොබවා නිල් උයනෙක
පැතුම් ගිරි ලකුළු සිප සිප
මියුරු මියැසියෙන් විකසිත
මල් දහසක් මල්වර කොට
Sunday, July 29, 2012
දයාර්දවයේ තඩාගය අම්මා
ආදරය නම් විලෙහි සුපිපුණ
සනාතන සුදු නෙළුම අම්මා
කඳුළු දියවර හදට ඉසිමින
සෙනෙහසට පින් පුරන අම්මා
අම්මා
දයාර්දවයේ තඩාගය අම්මා
හෙටක් තනනට මගේ ලෝකෙට
ගොයම් යායට මැදි ව දිරියෙන
මට මැ කැප වූ ඔබේ දෑතින්
වියැට අහුලන අම්මා
මහාමායා නුඹයි මගෙ අම්මා
මිරිඟු දිය මුල ඉසිඹුලන සඳ
ජීවිතය ගෙන අකුරු කරමින
මගේ අහසට පිපුණු සඳ වර
සුගුණ පුද දෙන අම්මා
සමන්ගිර මට නුඹයි මගෙ අම්මා
Friday, July 27, 2012
Thursday, July 26, 2012
'ආලයක අරුම' යැයි
දිනෙන් දින දිගු වන්නට විය
ඇගේ කණ
අහර ලුණු රස වැඩි වුව ද
ගෙබිම දුහුවිල්ලක් වුව ද
නෙතග එක කඳුළක් වුව ද
දිනෙක ඇය
සීබ්‍රාවකගේ
ඉරි සහිත ව
සිටියා ය මිය ගොස්
රතු පැහැතිව
උඩට ඉපිලී
තිබුණු ඉරි මත
බොහො බොහො දනා
ලියා ගියහ
'ආලයක අරුම' යැයි
Picture - Helen Il'icheva, Ukrainian, born 1958
Your Love
Like an E-mail address
Unknown
the password
Picture -Annie Louise Swynnerton, English, 1844 - 1933
Monday, July 23, 2012
ප්‍රේමයක් 1
මුළු පොත් රාක්කෙම කොරිඩෝව ගාව තිබුණු පුංචි කාමරේ බිමට පෙරළ ගෙන අපි සිමෙන්ති පොළොවෙ දිගෑදුණා.. බ්‍රොන්සි දුවගෙන ඇවිත් ඔළුව දාල ආපහු ආ වේගෙන් ම තණ පලස උඩ කෙළි දෙලින් උන් කිරිල්ලියක පස්සෙ දුවන්න පටන් ගත්තා.. මං වීදුරු දොරින් කොරිඩෝව දිගේ එල්ලෙමින් තිබූ ඕකිඩ් මල් අතරින් පෙනෙන ඈත කඳු දිහා බැලුවෙ කාලෙකට පස්සෙ දැක්ක අලුත් වුණු පරණ කවියක් වගේ.. එතරම් ම සුන්දර විදිහට කඳු මා දිහා බලන් හිටියා..
"මං ඔයාට දෙන්න කවියක් තියාගෙන හිටියා.. ඒත්, මට ම පස්සෙ හිතුණා ඒක ඔයාට සැර වැඩියි කියල"
"කෝ ඒ කවිය..?"
ඔහු පොත් අතරින් ඇදල ගත්තෙ කාලයක් තිස්සේ එකතු කරගෙන තිබුණු කවි ගොන්නක්.. මං විපරීත බැල්මෙන් ඔහු දිහා බලන් හිටියා..
"ඔයා කවි කියවනවා!"
මං ඔහු දිහා බැලුවේ ලෝකෙ කවදාවත් නොදැකපු තරම් පුදුම දෙයක් දැක්ක වගේ.. ඔව්, ඒක පුදුම දෙයක්.. සේවකයො ළඟ සැර පරුෂ අධිරාජ්‍යයෙක් වගේ පෙනී ඉන්න එයා කවි කියවනවා.. . මං කට කොනින් හිනාවුණා..
"හරි ඔයා කවිකාරිනෙ.. කියන්න බලන්න එහෙනම්, ඕ ලෙවල්වලට තිබ්බ අයියනායක කවි.."
"මට මතක නෑ.."
"ඔන්න අහගන්න එහෙනම්..
'සෙවණැලි අවදි නොම වන වැව් ඉවුරු කො ණේ
කාලය විසින් හෑරුව නුග ගසක බෙ නේ
මළ කා කළුව ගිය ආයුධ කැබලි පෙ නේ
දෙවියෙක් නැතද මෙහි බලයක් තිබෙනු දැ නේ' [*විමලරත්න කුමාරගම] "
මං ඔහු දිහා බලන් හිටියෙ අදහගන්න බැරුව.. සමනලයෙක් වෙනුවට මගේ හිත ඇදිල ගියේ සැර පරුෂ බත්කූරෙකුට කියල මගෙ යටි හිත කියද්දි.. ඔහු බත් කූරු පිහාටුවල දේදුනු පාට සායම් කරන්න ගත්තා..
"ඒක නෙමේ කෝ අර කවිය"
ප්‍රියයාණෙනි,
යදමින් බැඳලන්න මා
යදම් හැරලුව ද
ඔබ නැති ව
පියා සල නොහී මට
"හ්ම්.."
"මෙන්න ඇට මැස්සා..! ඔයාගෙද?"
ආදර නදීගෙන්..
"ඉස්සර ගර්ල් ෆ්‍රෙන්ඩ් දුන්නෙ.. බර්ත් ඩේ එකට.."
"ඇයි ඒක නැතිවුණේ?"
"මන්දා.." "කේක් ෂොප් එක ළඟ වාහනය නවත්තන්න කිසි ම තැනක් තිබ්බෙ නෑ.. ඒත්, එයාට හැම වෙලාවෙ ම කේක් එකක් ගන්නත් මං ළඟින් ඉන්න ඕන වුණා.."
"කොච්චර පුංචි දේවල්ද? ගෑණු ළමයි එහෙමනෙ.."
"අපරාදෙ මෙච්චර ලස්සන පොතක් තෑගි දුන්න ඒ ළමය ව ඔයා නැති කර ගත්තෙ.."
- මතු සම්බන්ධයි.
Saturday, July 21, 2012
Subscribe to:
Posts (Atom)