සති දහයක් කොළඹ ඉඳන්
අත්තම්මා එන දවසේ
පාර දිගට මල් එල්ලා
සැරසූවේ උඹ යි මම යි
වැලි කන්දක් ගොඩ ගහලා
තරප්පු පෙළවල් හදලා
අත්තම්මා එන සතුටට
උඩ පැන්නෙත් උඹ යි මම යි
උඹට අකුරු දුන්නු දවස
අද වාගෙ ම මට මතක යි
තෑගි දෙන්ට නත්තල් සීයෙක්
තෝරා ගත්තෙ මම යි
පොතක් නැතු ව නත්තල් සීයෙක්
ගත්තට තරහ වෙලා
කතා නොකර අපෙ සීයා
දිග අඩි ගමනකින් ගියා
මැරිගෝ රවුමක නැඟලා
අස්සය පිට අපි දෙන්නා
ගම් උදාවෙ කැරකෙන කොට
උඹ ඇඬුවා මතක යි මට
ඉන් ගෙනාපු ඉර කත් ගස
වතුර දදා පැළ කරලා
මල් පිපුණම උඹ ඒ මල
කඩා විසි කළා විගහට
එදා ඉතින් මගෙ ඇඬුමට
උඹත් එකට එකතු වෙලා
සූරිය කත් මළ ගෙදරක්
මතකද තිබ්බා දෙන්නා
උඹ වලටත් මම විලටත්
වැටුණේ කවදා ඉඳලද
තෝරගන්න බැරි අමාරු
තේරවිල්ල නොවෙද ඒක
නුඹේ මොළේ අඩු වුණාට
අවංකකම පිටාර යන
තඹුරු පිරුණු විලක් වගෙ යි
මල්ලියෙ උඹ තාමත් මට
කපටි මිනිස් කපුටු ගඟක්
ගයනා දුක් 'කුරු පහරට
රැවටී උඹ මගෙ කණ කර'
ගෙනිහින් දුන්නා ඔවුනට
ලොකු මිනිසුන් වී ආයෙත්
අපි මහ මඟ හමුවෙනවා
නුඹ හිස කසමින් එතකොට
පෙර වාගෙ ම හිනැහෙනවා
උඹ පාරක, මුර කුටියක
දූවිලි වැස්සක අව්වක
හිනා වෙවී ඉන්නා තැන
මගෙ රිය සක නවතින තැන
සුදු වූවත්, කළු වූවත්
ලොව අප හට එරවූවත්
නුඹ ම තමයි මට සිටිනා
එක ආදර සහෝදරා
උඹ ඔය හැටි මෝඩ වුණේ
උඹේ වරදකින් ද නොවේ
මම මේ හැටි උගත් වුණේ
මගෙ වරදින්දැයි නොදනී
අපේ යාළුකම් මකන්න
මෙව්වා ලොකු කරුම නොවේ
අප හට හිනැහෙනා දසන්
ඒ ගැන හරි හැටි නොදනී
Tuesday, October 30, 2012
සොරු
නිහඬ නිදිබර අහස
නුඹ දෑසින් හළ
එක කඳුළකදු
සසල නොකරයි මා
සොරු හෙළු ගිරි හිස
ගෙවී යා දෙන් මේ මැදියම
පණ රැක දෙනු පිණිස
වීතරාගයෙන්මැයි
මා නුඹට පූජා කළේ පෙම
කළු ඇඳ ගත්
තුරු'තර සසල සෙවනැලි
බිය නොකරපන්නැ මා
වෙස් හැරි වෘකයාට හැර
මා කුමට බිය වෙනු
හද සොරා ගත් හොරු
සිප ගත්තේද ගිරි දුදුලු පය
ඔහු හැර ගිය එ හද සුරකිනු පිණිසය
ගම රට නොයා
වෙසෙන්නේ මෙ ගිරි බඳ
Picture - Chantal Angers, Canadian, "Meditation"
අලුත් පාසල
නැවතිණ "ඇයි යන් නැද්ද?"
නැඟිණි පැනයක්
"මං සීසන්" "ඉතිං රුපියල් හයනෙ" බලා ම'දෙස වරක් කරකවා ඇස් ඉගිලිණි ඈ... සිහිවිය ගං දොර සෙනෙහසේ සීතල පුසුඹ පොල් අතු එකිනෙක වැළඳ තැනුණු කටු මැටි මැඳුර "ඔයාගෙ අම්ම නේද ඉරිද පොළේ මඤ්ඤොක්කා විකුණන්නේ.." "මඤ්ඤොක්කා නෙවෙයි සීනි බෝල" හිනැහේ ඩෙස් බංකු මහ හඬින - උඩ පැන පැන මා සිටුවා උන් පුටුව උඩ සිට පොළොව කැරකැවෙන බව දැනේ මට |
Monday, October 29, 2012
කුණාටුව
කුණාටුව ගසා එන ගණ නීල හැන්දෑවෙ
කඳු බඳක් බදාගෙන නැගුණු කුර තුර වීමි
මතුර මතුරා කණට දහසකුත් සිලෝ කවි
රවා ගොරවා ඔබ යනෙන මඟ බලා ඉමි
අහස උතුරා හැලෙන කඳුළුවල බර දනිමි
ගුගුර ගුගුරා දුකින නැඟ උනන තැන දනිමි
එහෙත් ඔය දෙතොල ළඟ කිසිත් නොකියා ඉඳිමි
නැව් බඳක් දෑස් අග ගිලෙන යුරු බලා ඉමි
මිතුරියේ ජීවිතය උපත සිට විඳි ගැහැට
කුණාටුව ලෙසින් නැඟ මතු ව එන බව දනිමි
දෑත් විදහා නුඹට පණ පොවන සුළඟ වෙමි
කඳු බඳින් ගිලිහ 'විත් නුඹේ තුරුලේ මියෙමි
Sunday, October 28, 2012
ඉටිපන්දමක්
වෙනදාට වඩා ශීතල ය
රාත්‍රිය පිස එන සුළඟ
ඉටිපන්දමක්
හිරු එළිය අයදී
උදෑසන ගඟ ඉවුර මත
Tuesday, October 23, 2012
සම්මුඛ පරීක්ෂණය
පසුගිය හැන්දෑවෙන් ඇරඹ
දෙගොඩහරිය ම ගෙවා රෑ බසයක
පාන්දර කණිසම
කොටුවේ ඉස්ටේසමට ගොස්
මුහුණ සෝදා ගතිමි
තැනින් තැන පැල්ලම් වැටුණු
හොඳ ම ඇඳුමේ රැළි හැඩි
මකා හැරියෙමි
එක හුස්මට අසා ගෙන පාර
වසා තිබු දොරකින් ඇතුළු වූවෙමි
දෙපා වැහි වහන් කුට්ටමට ම
පින්තූර අල්ලද්දි පොළොව
තීන්ත තිතක් හෝ
තබනු නොහැකි ව
හුස්ම හිර වුණු පැහැනක
සිර වුණෙමි
සුස්මක් ගෙන
බොහෝ දන ගිය මඟක
ඉබේ ඇරුණු දොරකින්
ඉහළ ගොස්
දිය කුටියක නැවත
ෆ්ලෂ් කර නොහැරියෙමි
හිරි ඔතප්
ඉක්බිති පැහැනෙන්
රුධිරය නොව
ගලන්නට විය කළු තීන්ත ම
අසමත් වීමිලු
මම
සම්මුඛ පරීක්ෂණය
Monday, October 22, 2012
කමකට නැති කවි
කිසි ම තේරුමක් නැති කවි
ලියනවාට වඩා හොඳ ය
පොරෝනාව පොරවාගෙන
ගොරෝ ගොරෝ නිදාගැන්ම
කදිම නැටුම් තාලයකට
වැසි පිට වැසි වැටෙනා කල
නිල් ගවොමක් විසුරන රළ
නොදැක නිදා ගති මුව රැළ
ගල් තරප්පු බැස බැස එන
සිහිනිඟ සේලය නළවන
හීන් හස රළක් බිම වට
අහුලා නොගනීවිද බිම
ඬෙඟ ඬෙඟ ඬෙඟ තකට තකට
තරිකිට තරිකිට දොං තක
සඳ මොකටද ඇස් උඩ ඇර
මෙහෙව් විගඩමක් කිය කිය
තෙතඟු තෙතඟු තාන් තෙතඟු
වෙල් යායක මල් ළමයකු
කල් බල බල ලියන හයිකු
නට නට වන්නම් පද සකු
රිසි නම් ඔබ මෙකවි මුකුළු
විඳ විඳ හදකින් සුළකුළු
කවි හැලි ඉදෙනා තුරු කොලු
නටනවාද නැටුම කකුළු
අහෝ පෙම්වත,
අහෝ පෙම්වත,
මා හදවත ඔබ
දෙතොල අතරට ගන්න
මම ඔබට පෙම් කරමි ය
ඔබ ගමනෙහි ළෙල
මා නළවන්නෙ ය
ජීවිතයට පැනයක් දී
මා පුබුදන්නෙ ය
Sunday, October 21, 2012
කොබෙයි යුවලක්
මහ වැස්සේ ම
තුරුලු ව
තුරු පතක් යට
හිනා වේ
කොබෙයි යුවලක්
තුරුලු ව
තුරු පතක් යට
හිනා වේ
කොබෙයි යුවලක්
:)
නඩුවක
වැදගත් යමක්
කුරුටු ගාන්නාක් මෙන්
බරසාර බවක් පෙන්වමින්
පෙරළා විසල් ෆයිලයක්
වැදගත් යමක්
කුරුටු ගාන්නාක් මෙන්
බරසාර බවක් පෙන්වමින්
පෙරළා විසල් ෆයිලයක්
එ මැද පත් ඉරුවක
කුරුටු ගාමි කවියක්
සිනා ඒ මට
මා ගැන ම
එවිට
ඉතා වැදගත් යැයි මෙලොව ඇති
කිසි දෙයක අතරමැදවත්
මිදිය නොහැකි ය මට
ගහකොළින් කඳු නැබෙන්
ප්‍රේමයෙන්
සහ
කවියෙන්
කුරුටු ගාමි කවියක්
සිනා ඒ මට
මා ගැන ම
එවිට
ඉතා වැදගත් යැයි මෙලොව ඇති
කිසි දෙයක අතරමැදවත්
මිදිය නොහැකි ය මට
ගහකොළින් කඳු නැබෙන්
ප්‍රේමයෙන්
සහ
කවියෙන්
ප්‍රේමය ය ඔබ
නෙරළු තුර තුර ඇවිද
කටු අතුළ අඩි පාරවල
දුටු සපුට මලකුදු නොමැති ව ම
අතරමං නොවී ගෙයි දොර
සොයා එන්නට පාර පෙන්වූ
දේවතා එළිය නුඹ
ප්‍රේමයේ වදනින් ම නිමැ වූ
ගැහැණිය ය ඔබ
මගේ දරුවන් වදා වැහැර ව
කෘශ ව ගිය ගත රටා නොම තැක
දරු සිත්හි නෙක නැවුම් ගුණ තල
රටා මැව් මුදු නිසාකත
ලොවක හදවත ගැහෙන අරුමැසි
රිත්මය ය ඔබ
ගැහැනිය ය ඔබ
ප්‍රේමයෙන් නිමැවූ
කටු අතුළ අඩි පාරවල
දුටු සපුට මලකුදු නොමැති ව ම
අතරමං නොවී ගෙයි දොර
සොයා එන්නට පාර පෙන්වූ
දේවතා එළිය නුඹ
ප්‍රේමයේ වදනින් ම නිමැ වූ
ගැහැණිය ය ඔබ
මගේ දරුවන් වදා වැහැර ව
කෘශ ව ගිය ගත රටා නොම තැක
දරු සිත්හි නෙක නැවුම් ගුණ තල
රටා මැව් මුදු නිසාකත
ලොවක හදවත ගැහෙන අරුමැසි
රිත්මය ය ඔබ
ගැහැනිය ය ඔබ
ප්‍රේමයෙන් නිමැවූ
Saturday, October 20, 2012
මා හිනාගස්සන කවිය
ගුණදාස මාමා
මගේ අලුත් ම කවිය
ඔව්, මා හිනාගස්සන කවිය
මගේ ඔෆීසියට කිරි ඉතිරූ
පොල් හනසු ගෙන ගිනි දැල් වූ
දුව පැන කඩිමුඩි ව
සුදු බිත්ති පුරා සිහහව තැවරූ
අබලන් ව ගිය මගේ සපත්තු
අහුලාගෙන ගෙන ගොස්
නගරයේ සපත්තු වෙළෙන්දාට දී
අලුත් මල්කම් කොට
සිනහ මල්කමින් හිත පුරවා
ගෙට ගෙනවිත් හිනාවූ
කියූ සැණින් ලියුමක්
අකුරු කොටා නොදුන්නා යැයි තරහ ව
ගෙට ඒම අත් හැර
ඔෆීසියේ වීදුරුවලට ඔබ්බෙන්
නොදන්නා සේ අහක බලා ගෙන ම
යන්ට විය
ඔව් ඒ, ගුණදාස මාමා
වසරක් පුරා ඔහු යන මේ ගමන
දකින හැම විට
කුඩා දරුවෙකුගේ හිත සිහි ව
මම රහසෙ ම හිනහ වුණ
කලකට පසු ව
අමතක වුණු සේ පෙර ගමන
හිනා කට පුරවා
යළිත් ගෙට ගොඩ වන
තව ටිකකින් තරහ වන
නැවත කලෙකින් යළිත් එන
මා හිනාගස්සන කවිය
අපේ ගම ගුණදාස මාමා..
මගේ අලුත් ම කවිය
ඔව්, මා හිනාගස්සන කවිය
මගේ ඔෆීසියට කිරි ඉතිරූ
පොල් හනසු ගෙන ගිනි දැල් වූ
දුව පැන කඩිමුඩි ව
සුදු බිත්ති පුරා සිහහව තැවරූ
අබලන් ව ගිය මගේ සපත්තු
අහුලාගෙන ගෙන ගොස්
නගරයේ සපත්තු වෙළෙන්දාට දී
අලුත් මල්කම් කොට
සිනහ මල්කමින් හිත පුරවා
ගෙට ගෙනවිත් හිනාවූ
කියූ සැණින් ලියුමක්
අකුරු කොටා නොදුන්නා යැයි තරහ ව
ගෙට ඒම අත් හැර
ඔෆීසියේ වීදුරුවලට ඔබ්බෙන්
නොදන්නා සේ අහක බලා ගෙන ම
යන්ට විය
ඔව් ඒ, ගුණදාස මාමා
වසරක් පුරා ඔහු යන මේ ගමන
දකින හැම විට
කුඩා දරුවෙකුගේ හිත සිහි ව
මම රහසෙ ම හිනහ වුණ
කලකට පසු ව
අමතක වුණු සේ පෙර ගමන
හිනා කට පුරවා
යළිත් ගෙට ගොඩ වන
තව ටිකකින් තරහ වන
නැවත කලෙකින් යළිත් එන
මා හිනාගස්සන කවිය
අපේ ගම ගුණදාස මාමා..
Saturday, October 13, 2012
ගන්න ඔබෙ රුපියල් සියය
නිමිත්ත - කවි සියයක් වූ පොතක් රුපියල් සියයක් දී මිලට ගැනීමට හැඳුනුම්කම නිසා සිදු වූ තැනැත්තෙකු "එක කවියක් රුපියල යි" යැයි හුස්ම ඉහළට අදින්නට විය.
හුස්ම හිර වෙයි මිතුර
ගන්න ඔබ මිල සියය
එක කවිය සතයකට
දෙන්ට අදහසක් නැත
මේ සියලු කවි අයිති
මංමාවත්වල ද
හමන මඳ නලවල ද
අහස තරු ගුල් වල ද
හඬන නෙතු පියවල ද
සීරුණු හද තුළ වුව ද
ගිලිහි සුසුමන් තුළ ද
රඳවා තබා යමි මින් පසු
කවියන්ට කියවනු පිණිස
ගන්න ඔබ රුපියල් සියය
මේ කවි පිරුණු පත් ගොනු
මූසිකයෙකු කෑවත් සැපත
කාලයට තෙතබත් වී
දිරපත් වුවත් කම් නැත
ගන්න ඔබ රුපියල් සියය
ඉන් කවි පණ ලබනු නැත
මතු ද නොව කවි මියෙනු නැත
යළි යළි ව පැන නැගෙනු ඇත
ළපල් සිත් ළකලින් යුතු ව
එකවි සිප ගෙන රකිනු ඇත
හුස්ම හිර වෙයි මිතුර
ගන්න ඔබ මිල සියය
එක කවිය සතයකට
දෙන්ට අදහසක් නැත
මේ සියලු කවි අයිති
මංමාවත්වල ද
හමන මඳ නලවල ද
අහස තරු ගුල් වල ද
හඬන නෙතු පියවල ද
සීරුණු හද තුළ වුව ද
ගිලිහි සුසුමන් තුළ ද
රඳවා තබා යමි මින් පසු
කවියන්ට කියවනු පිණිස
ගන්න ඔබ රුපියල් සියය
මේ කවි පිරුණු පත් ගොනු
මූසිකයෙකු කෑවත් සැපත
කාලයට තෙතබත් වී
දිරපත් වුවත් කම් නැත
ගන්න ඔබ රුපියල් සියය
ඉන් කවි පණ ලබනු නැත
මතු ද නොව කවි මියෙනු නැත
යළි යළි ව පැන නැගෙනු ඇත
ළපල් සිත් ළකලින් යුතු ව
එකවි සිප ගෙන රකිනු ඇත
රාජු
එක් යුගයක
මා පෙම් කළ
එක් මිනිසෙකුගෙ මැඳුරක
සිටි ඩොගී බ්‍රොන්සි තරමකුදු
නොවටිනා මිනිසෙකු විය
'රාජු' නම්
"මූ රාජු" පළමුවර
'ඔහු' හඳුන්වා දුන් ඔහු
දරා ගත නොහැකි ව
ඇස් අග සිහිල් වෙද්දී
පස් මහ බැලුම් නොබලා ම
බැලූයෙමි මම අහක
"පුංචි නෝනා
බිම් වැටී ඇති මේ
රතු මල්
වතුර මල්"
"කප්පාදු කළ වගා බිම් එපිට
තැනෙක ඇත මනරම් මල්
ඒ මගේ පැල"
මා ඇසූ දෙයකට ඇතැම් විට
හිනැහුණා රාජු අහිංසක ව ම
'ඔහු' සමඟ මුළු මැඳුර ම
දෙවනත් කර නැටූ නැටුම්
ගෝනි කබා ටයි සපත්තු
කළ විකාර බුහුටි දැකුම්
දැක රාජුගෙ ඇස් පියනුත්
හිනා වුණා හොර රහසින්
කනප්පුව උඩ තිබු පුවක් මල
කැඩී විසිරී බිම වැටෙද්දී
එමා ද චැටර්ලි ආර්යාවෝ
කැබලි පොත් පත් පාව යද්දී
දිනෙක ඔහුගේ රහස් කුටියේ
යදොර මා සුරතින් ඇරෙද්දී
බලා සිටියා රාජු ගැහෙමින්
වසත් සමයක් නිමා වෙද්දී
කුඩා දැරියක නොවේ මා වන්
බොහෝ පිරිමින් හට දැකුම්කලු
සෙක්සි අයිටම්ස් ඔහුගෙ මැඳුරට
ගෙන එන්ට වූ දිනෙක වැහිබර
මගේ කඳුළු නෙත අබියස
රාජුගෙ ගණ කඳුළු දුටිමි
ඒ කඳුළින් වීරිය ගෙන
මම ද අලුත් ලොවක් තනමි
මනරම් මල් ලතා ගැවසි
මා පෙම් කළ
එක් මිනිසෙකුගෙ මැඳුරක
සිටි ඩොගී බ්‍රොන්සි තරමකුදු
නොවටිනා මිනිසෙකු විය
'රාජු' නම්
"මූ රාජු" පළමුවර
'ඔහු' හඳුන්වා දුන් ඔහු
දරා ගත නොහැකි ව
ඇස් අග සිහිල් වෙද්දී
පස් මහ බැලුම් නොබලා ම
බැලූයෙමි මම අහක
"පුංචි නෝනා
බිම් වැටී ඇති මේ
රතු මල්
වතුර මල්"
"කප්පාදු කළ වගා බිම් එපිට
තැනෙක ඇත මනරම් මල්
ඒ මගේ පැල"
මා ඇසූ දෙයකට ඇතැම් විට
හිනැහුණා රාජු අහිංසක ව ම
'ඔහු' සමඟ මුළු මැඳුර ම
දෙවනත් කර නැටූ නැටුම්
ගෝනි කබා ටයි සපත්තු
කළ විකාර බුහුටි දැකුම්
දැක රාජුගෙ ඇස් පියනුත්
හිනා වුණා හොර රහසින්
කනප්පුව උඩ තිබු පුවක් මල
කැඩී විසිරී බිම වැටෙද්දී
එමා ද චැටර්ලි ආර්යාවෝ
කැබලි පොත් පත් පාව යද්දී
දිනෙක ඔහුගේ රහස් කුටියේ
යදොර මා සුරතින් ඇරෙද්දී
බලා සිටියා රාජු ගැහෙමින්
වසත් සමයක් නිමා වෙද්දී
කුඩා දැරියක නොවේ මා වන්
බොහෝ පිරිමින් හට දැකුම්කලු
සෙක්සි අයිටම්ස් ඔහුගෙ මැඳුරට
ගෙන එන්ට වූ දිනෙක වැහිබර
මගේ කඳුළු නෙත අබියස
රාජුගෙ ගණ කඳුළු දුටිමි
ඒ කඳුළින් වීරිය ගෙන
මම ද අලුත් ලොවක් තනමි
මනරම් මල් ලතා ගැවසි
Thursday, October 11, 2012
රිය සක ගෙන ගිය අම්මා
අපෙ අම්මා අහසට පුන් සඳාණෝ
ගිනියම් කතරට වැහි දිය බිඳාණෝ
පුරු වන් කෙතකට නිල වැව් රදාණෝ
දුකඳුරු පිරි මිහිකත දැරු මවාණෝ
ඇස'ගින් වියැට නෙළා රැගෙන කෙතක වපුරවන්නේ
මිරිඟුව මුල ඉසිඹුව ලන දිවිය අකුරු කරන්නේ
දුක සැප ගිරි'තර ලියැවුණු සම සිත් හිරු දරන්නේ
සංසාරෙන් එතෙරට යන ගඟ අම්මා මවන්නේ
වෙල් නියරෙන් වෙල් නියරට ඇය අතැඟිලි වසින්නේ
දිය කඩකින් දිය කඩකට ඇය දහදිය ගලන්නේ
මල් දියවුණු එක රෙදිකඩ ඇදකුරු නොම තකන්නේ
අපෙ අම්මා විල් දහසක පිපි සියපත නොවන්නේ
කුසට බතක් තනනු පිණිස ඉනට පලා නෙළන්නා
කිහිරඟුරේ ගිනි නගරේ සිහිලස වපුරවන්නා
හවස හිනා ගෙට ගෙනෙනා සුර සම්පත කියන්නා
අපෙ අම්මා ගෙන ගිය රිය සක හතරේ යකින්නා
සංසාරේ රිය රෝදේ දිගට ම කැරකුණාදෝ
පන් මල්ලෙන් විසිරුණු මල් නුඹෙ නැවතුම කියාදෝ
දුවේ කියා අමතන්නට යළි අම්මා නො ඒදෝ
ගෙයි මිදුලේ මල් පල වැල් යළි කවිවැල් ලියාදෝ
ගිනියම් කතරට වැහි දිය බිඳාණෝ
පුරු වන් කෙතකට නිල වැව් රදාණෝ
දුකඳුරු පිරි මිහිකත දැරු මවාණෝ
ඇස'ගින් වියැට නෙළා රැගෙන කෙතක වපුරවන්නේ
මිරිඟුව මුල ඉසිඹුව ලන දිවිය අකුරු කරන්නේ
දුක සැප ගිරි'තර ලියැවුණු සම සිත් හිරු දරන්නේ
සංසාරෙන් එතෙරට යන ගඟ අම්මා මවන්නේ
වෙල් නියරෙන් වෙල් නියරට ඇය අතැඟිලි වසින්නේ
දිය කඩකින් දිය කඩකට ඇය දහදිය ගලන්නේ
මල් දියවුණු එක රෙදිකඩ ඇදකුරු නොම තකන්නේ
අපෙ අම්මා විල් දහසක පිපි සියපත නොවන්නේ
කුසට බතක් තනනු පිණිස ඉනට පලා නෙළන්නා
කිහිරඟුරේ ගිනි නගරේ සිහිලස වපුරවන්නා
හවස හිනා ගෙට ගෙනෙනා සුර සම්පත කියන්නා
අපෙ අම්මා ගෙන ගිය රිය සක හතරේ යකින්නා
සංසාරේ රිය රෝදේ දිගට ම කැරකුණාදෝ
පන් මල්ලෙන් විසිරුණු මල් නුඹෙ නැවතුම කියාදෝ
දුවේ කියා අමතන්නට යළි අම්මා නො ඒදෝ
ගෙයි මිදුලේ මල් පල වැල් යළි කවිවැල් ලියාදෝ
Monday, October 8, 2012
ප්ලම්
ප්ලම් ගස් යුවලක්
බොන්සායි ඇඳුම් ඇඳ
ආඩම්බර පාතී
ළඟ ම එන වසන්තෙට
බොන්සායි ඇඳුම් ඇඳ
ආඩම්බර පාතී
ළඟ ම එන වසන්තෙට
ඔහු
නිදාසිටි නගරය අවදි කරනා
උදා පුන් සඳක් මෙන් පායා
වැඩ ඇරී අවසාන බසයෙන්
තෙරප වෙහෙස ව ගෙදර එන
දහදියෙන් වෙහෙසින් ම ඇඳි
ලොව සොඳුරු ම සිතුවම ය ඔහු
පාට පාට පිළි, වහන්වලට
සොරා ගැන්මට නොදිය යුතු
පෑ වියැක ගිය අඳුරු
වත්පිළි මැද වුව ද ඇය
රැජිනක කරන සැමියෙකු තරම්
මිහිරි අන් යමක් වේද ලොව
මිහිරි ම මිහිරි බොජුන් නැතුවට
ඉදේ නම් සුදු පිරුව ලා බත
ඔහුගෙ සුරතින් කවන බත් පත
තරම් මිහිරක් ඇත්ද ලොවකට
පිපී කහ පෑ වැටකොළු මල්
සුවඳ දෙනු පිණිස ඔහු හවස
ගෙදර එන මඟ දෙපස
නතර කර තබමි මම
මම මඟ බලන මුහුණක්මි
තැනිතලාවට එපිටින්
විසල් ප්‍රාකාර බිත
බැස යන හිරු පැහැයෙන්
සායම් කරැත මගේ ප්‍රේමය
විලෝ පත් ඇහි බැම යටින්
දිලිසෙන්නේ ය ඔහු ඇස් කුසුම්
ඒ මවන නෙක සර රැසින්
එක් අලෝක වෙ නෙක් දසුන්
වේගයෙන් දිවෙන වලා පින්සල්
අහස් කැන්වසය මත වැද
මවන්නෙ ය කඩිමුඩි ව
වෙහෙස වන ඔහු බුහුටි අත් පා
සඳ කඳුකර මතින් පැන
ගෙයි දොර මැ පිපෙන්නේ
ඔහුගෙ මුදු හිත ගෙපැල
සොයා එන අරුමය දැක
රිදුම් දෙන ඔහු පිටකොදු
නිවන්නට මෙන් විගස
තුරුත් පත් සොලවමින
සිසිල් සුළඟක් මවන
මම මඟ බලන මුහුණක්මි
ඔහු පුළුලුර සැතපෙනු පිණිස
'ජීවිතේ හරි යයි කවදහරි අපට'
සිනා සී පවසන වදන් අසමින
විසල් ප්‍රාකාර බිත
බැස යන හිරු පැහැයෙන්
සායම් කරැත මගේ ප්‍රේමය
විලෝ පත් ඇහි බැම යටින්
දිලිසෙන්නේ ය ඔහු ඇස් කුසුම්
ඒ මවන නෙක සර රැසින්
එක් අලෝක වෙ නෙක් දසුන්
වේගයෙන් දිවෙන වලා පින්සල්
අහස් කැන්වසය මත වැද
මවන්නෙ ය කඩිමුඩි ව
වෙහෙස වන ඔහු බුහුටි අත් පා
සඳ කඳුකර මතින් පැන
ගෙයි දොර මැ පිපෙන්නේ
ඔහුගෙ මුදු හිත ගෙපැල
සොයා එන අරුමය දැක
රිදුම් දෙන ඔහු පිටකොදු
නිවන්නට මෙන් විගස
තුරුත් පත් සොලවමින
සිසිල් සුළඟක් මවන
මම මඟ බලන මුහුණක්මි
ඔහු පුළුලුර සැතපෙනු පිණිස
'ජීවිතේ හරි යයි කවදහරි අපට'
සිනා සී පවසන වදන් අසමින
සඳෙන් අහසට
අහසේ වලාකුළු දැලින් කොණ්ඩා ගොතා හැඩ රුවින්
පුංචි ම පුංචි තරු ද ගෙන කියඹු රොද සරසමින්
දෑත් විහිදා තදින මා වැළඳ ගෙන තොසින්
ගෙවූ කල වියැක ගොස් සිහිනයක් ඈ ලෙදින්
සඳ උකුල සා පැටවු අමතක ව ගිය බැවින්
අහස, නන්නාඳුනන රිය තොටක බැස ගොහින්
පුංචි ම පුංචි තරු ද ගෙන කියඹු රොද සරසමින්
දෑත් විහිදා තදින මා වැළඳ ගෙන තොසින්
ගෙවූ කල වියැක ගොස් සිහිනයක් ඈ ලෙදින්
සඳ උකුල සා පැටවු අමතක ව ගිය බැවින්
අහස, නන්නාඳුනන රිය තොටක බැස ගොහින්
සඳක් ලෙස යළි?
මම
ඇවිදිමින්
කුඩා කවුළු අතරින්
සිර කුටියකට වසන්තය ගෙන එන
දුව යනු රිසි ව
වෛවර්ණ පියාපත් ඇඳ
බොහෝ කලකට පෙර
ඔබ වෙත පාව ගිය පරිද්දෙන්
වටිනා ම වස්තුව අහිමි වීමෙන්
ඉවසීම ඉම පැන
ප්‍රේමය නම් කඩුපතින්
නිදහසේ ගෙල සිඳ
ඉරබටු තරුවක් ඉරා විසි කළ බැවින්
සඳක් ලෙස ඔබ යළි
පිළිගනීවිද අහසට
මම
ඇවිදිමින්
කුඩා කවුළු අතරින්
සිර කුටියකට වසන්තය ගෙන එන
දුව යනු රිසි ව
වෛවර්ණ පියාපත් ඇඳ
බොහෝ කලකට පෙර
ඔබ වෙත පාව ගිය පරිද්දෙන්
වටිනා ම වස්තුව අහිමි වීමෙන්
ඉවසීම ඉම පැන
ප්‍රේමය නම් කඩුපතින්
නිදහසේ ගෙල සිඳ
ඉරබටු තරුවක් ඉරා විසි කළ බැවින්
සඳක් ලෙස ඔබ යළි
පිළිගනීවිද අහසට
මම
Friday, October 5, 2012
ගං ඉවුරට ඔබ ආවොත්
ගිටාරයක් සිම්බලයක් අත්බෙරයක් රැගෙන එන්න
මධුවිත හැර ඔය ඉවුරක මත් වෙන තුරු ගී කියන්න
අතීතයක මළ මතකය සිහි කර කර කවි ලියන්න
ගිටාරයක් සිම්බලයක් අත්බෙරයක් රැගෙන එන්න
මඳ සුළඟට ඈ කවියක් වුණු මතකය බොඳ කරන්න
යුද සමයක ගන අඳුරක මියැදුණ පෙම සිහි කරන්න
හද අත්ලෙන් ගෙන මිරිකා මිය ගිය කවි යළි ලියන්න
ගං ඉවුරට ඔබ ආවොත් හැකි ය වැළඳ ගෙන හඬන්න
මධුවිත හැර ඔය ඉවුරක මත් වෙන තුරු ගී කියන්න
අතීතයක මළ මතකය සිහි කර කර කවි ලියන්න
ගිටාරයක් සිම්බලයක් අත්බෙරයක් රැගෙන එන්න
මඳ සුළඟට ඈ කවියක් වුණු මතකය බොඳ කරන්න
යුද සමයක ගන අඳුරක මියැදුණ පෙම සිහි කරන්න
හද අත්ලෙන් ගෙන මිරිකා මිය ගිය කවි යළි ලියන්න
ගං ඉවුරට ඔබ ආවොත් හැකි ය වැළඳ ගෙන හඬන්න
නෙළුම්පත්
යාත්‍රා බඳක
එල්ලෙයි නෙළුම්පත්
ගසා යනු රිසි ව
එල්ලෙයි නෙළුම්පත්
ගසා යනු රිසි ව
Thursday, October 4, 2012
දහස්වස මතකයක්
ලන්තෑරුමක් දල්වා ඇත
අහසේ ඈත කොනෙක
විල් ඉවුරක සැඟ ව ඇත
දහස්වස මතකයක්
අහසේ ඈත කොනෙක
විල් ඉවුරක සැඟ ව ඇත
දහස්වස මතකයක්
දිදුලන අහස දෙස බලන්න
දිදුලන අහස දෙස බලන්න
උඩුබැලි ව මිතුර
ආසාවන් ගසා යනු ඇත
මහත් වලාකුළු අතර
(ප. ලි.;
මහත් පද්ධතියක
අංශුවකට ද හීන
ගෝලයක සිට )
උඩුබැලි ව මිතුර
ආසාවන් ගසා යනු ඇත
මහත් වලාකුළු අතර
(ප. ලි.;
මහත් පද්ධතියක
අංශුවකට ද හීන
ගෝලයක සිට )
තාරකා මල්
සරත් සමය එළඹේ
දිය මත පාවෙමින්
තුරු පත්
ගයන්නී ගෙඹි බිරිඳ
රාගයක රාවයක්
බිජුවට විසිර දිය මත
තාරකා මල් පිපෙයි
Picture - Marianne Stokes, Austrian, 1855 - 1927
මොට්ටුවක්
තේ මලක අදර
සිප ගනු රිසි ව
උමතු ව නැඟී එයි
පුර සඳ
වත් ලිහූ ප්‍රේමයක
රබරඳුර අස
ලේ පෙරන්නේ ය
මොට්ටුවක්
සිප ගනු රිසි ව
උමතු ව නැඟී එයි
පුර සඳ
වත් ලිහූ ප්‍රේමයක
රබරඳුර අස
ලේ පෙරන්නේ ය
මොට්ටුවක්
Wednesday, October 3, 2012
යෝග තාරකාවක්
මල් හළන්නට ආසන්න
පීච් ගසකට
හාද්දක් දෙන කුරුල්ලෙක්
වෙනත් රාත්‍රීන්ගෙන් වෙන් ව
වලාකුළු කවුළුවෙන්
ගිනි ගනී යෝග තාරකාවක්
වැහි
වැස්සක් අවැසි බිම් දහසක් ඉරි තැලෙන
කඳුළත් වියැක ගොස් සා පවසෙන් පෙළෙන
දැක්කත් අහස නොම දුටු සේ රඟ රඟන
අස්පත් වැහිකලා දිය ගඟට ම පුදන
Tuesday, October 2, 2012
Translation of ' නැවතුණු පෑනකට තීන්ත දුන් මිතුරිය'
නැවතුණු පෑනකට තීන්ත දුන් මිතුරිය
Translated by Manel K R Fernando
Once upon a time
There was a friend
Who poured some ink
To a pen, which had been dried up
Since then
There are pages, and books
Cluttered by scribbling
With or without a meaning
Translated by Manel K R Fernando
Once upon a time
There was a friend
Who poured some ink
To a pen, which had been dried up
Since then
There are pages, and books
Cluttered by scribbling
With or without a meaning
When the ink was done
Scribbling started
In the earth, dust covered
In the tranquil grounds of the temple
And in the naked skies
Among floating clouds
Mesmerized by the dawn of love
On top of mountains
Like a fairy spreading her wings
On fluttering wings of butterflies
In paths, under the starry skies
On piano keys, playing without a tune
On sprays of vibrant blooms
Even without a sweet fragrance
Even among the debris, pungent
flowing down the drain
Among the eyes filled with emptiness
Walking down the streets,
In the battle field, drenched with blood
Waiting for a flying bullet, which brings death….
There is a poem
Each and every moment
Each and every day!
Scribbling started
In the earth, dust covered
In the tranquil grounds of the temple
And in the naked skies
Among floating clouds
Mesmerized by the dawn of love
On top of mountains
Like a fairy spreading her wings
On fluttering wings of butterflies
In paths, under the starry skies
On piano keys, playing without a tune
On sprays of vibrant blooms
Even without a sweet fragrance
Even among the debris, pungent
flowing down the drain
Among the eyes filled with emptiness
Walking down the streets,
In the battle field, drenched with blood
Waiting for a flying bullet, which brings death….
There is a poem
Each and every moment
Each and every day!
Monday, October 1, 2012
Subscribe to:
Posts (Atom)