Monday, October 8, 2012

ඔහු

නිදාසිටි නගරය අවදි කරනා
උදා පුන් සඳක් මෙන් පායා
වැඩ ඇරී අවසාන බසයෙන්
තෙරප වෙහෙස ව ගෙදර එන
දහදියෙන් වෙහෙසින් ම ඇඳි
ලොව සොඳුරු ම සිතුවම ය ඔහු

පාට පාට පිළි, වහන්වලට
සොරා ගැන්මට නොදිය යුතු
පෑ වියැක ගිය අඳුරු
වත්පිළි මැද වුව ද ඇය
රැජිනක කරන සැමියෙකු තරම්
මිහිරි අන් යමක් වේද ලොව

මිහිරි ම මිහිරි බොජුන් නැතුවට
ඉදේ නම් සුදු පිරුව ලා බත
ඔහුගෙ සුරතින් කවන බත් පත
තරම් මිහිරක් ඇත්ද ලොවකට

පිපී කහ පෑ වැටකොළු මල්
සුවඳ දෙනු පිණිස ඔහු හවස
ගෙදර එන මඟ දෙපස
නතර කර තබමි මම

1 comment:

  1. හ්ම්ම්... හැමෝම ඒ විදිහට හිතනවනම් ලෝකය ගොඩක් සුන්දර වෙයි... ලස්සණයි...

    ReplyDelete