Monday, October 8, 2012

මම මඟ බලන මුහුණක්මි

තැනිතලාවට එපිටින්
විසල් ප්‍රාකාර බිත
බැස යන හිරු පැහැයෙන්
සායම් කරැත මගේ ප්‍රේමය

විලෝ පත් ඇහි බැම යටින්
දිලිසෙන්නේ ය ඔහු ඇස් කුසුම්
ඒ මවන නෙක සර රැසින්
එක් අලෝක වෙ නෙක් දසුන්

වේගයෙන් දිවෙන වලා පින්සල්
අහස් කැන්වසය මත වැද
මවන්නෙ ය කඩිමුඩි ව
වෙහෙස වන ඔහු බුහුටි අත් පා

සඳ කඳුකර මතින් පැන
ගෙයි දොර මැ පිපෙන්නේ
ඔහුගෙ මුදු හිත ගෙපැල
සොයා එන අරුමය දැක

රිදුම් දෙන ඔහු පිටකොදු
නිවන්නට මෙන් විගස
තුරුත් පත් සොලවමින
සිසිල් සුළඟක් මවන

මම මඟ බලන මුහුණක්මි
ඔහු පුළුලුර සැතපෙනු පිණිස
'ජීවිතේ හරි යයි කවදහරි අපට'
සිනා සී පවසන වදන් අසමින

No comments:

Post a Comment