Monday, October 22, 2012

කමකට නැති කවි

Mule Deer
කිසි ම තේරුමක් නැති කවි
ලියනවාට වඩා හොඳ ය
පොරෝනාව පොරවාගෙන
ගොරෝ ගොරෝ නිදාගැන්ම

කදිම නැටුම් තාලයකට
වැසි පිට වැසි වැටෙනා කල
නිල් ගවොමක් විසුරන රළ
නොදැක නිදා ගති මුව රැළ

ගල් තරප්පු බැස බැස එන
සිහිනිඟ සේලය නළවන
හීන් හස රළක් බිම වට
අහුලා නොගනීවිද බිම

ඬෙඟ ඬෙඟ ඬෙඟ තකට තකට
තරිකිට තරිකිට දොං තක
සඳ මොකටද ඇස් උඩ ඇර
මෙහෙව් විගඩමක් කිය කිය

තෙතඟු තෙතඟු තාන් තෙතඟු
වෙල් යායක මල් ළමයකු
කල් බල බල ලියන හයිකු
නට නට වන්නම් පද සකු

රිසි නම් ඔබ මෙකවි මුකුළු
විඳ විඳ හදකින් සුළකුළු
කවි හැලි ඉදෙනා තුරු කොලු
නටනවාද නැටුම කකුළු



Pic - 

Mule Deer
Source: Wikipedia, Public Domain

No comments:

Post a Comment