Friday, August 30, 2013
අපි ගොඩයෝ තමයි - ඇයි මොකද මරික්කාර්?
නිමිත්ත - "ඌවේ ඉන්නේ ගොඩයෝ, උන්ට මොන රොක් මියුසික්ද?" මරික්කාර් අසයි.
අපි ගොඩයෝ තමයි
ඇයි මොකද මරික්කාර්?
පෙරළු පසෙහි මධුර සුගන්ධය විඳින
සිහිල් සුළඟෙහි කැලති නැවුම් බව ලැබුණ
වැරෙන් වීරියෙන් උත්තුංග කඳු මවන
මතු ලොවට තුරු හිසෙහි කුසුම් රැක තබන
ගල් මතට වට දිය වැයෙන සංගායනා
අස්වනු සිප නැඟෙන වස්දඬුහි වාදනා
හද සංගීතයට අමොඳ රස පාදනා
දැක නැති හැඩයි සඳ නමුණුකුල පායනා
මොටද මූසිලය තොප රොක් ගීත අපට
රසෝඝය ගලා යයි නිතොර අප අවට
නිදුක නිසල ය දිවිය නොමැත හැර පවට
තොපේ බස අපට හරි කවට හා නිවට
Picture - Lilla Cabot Perry, American, 1848 - 1933
මල දොළ ගඟුල
රොද බැඳ රඟන පලුපත් අතින
විල වෙත ගලන මල දොළ ගඟුල
ටොකුවක් අතැර නෙළඹුව හිසට
පිලඹල මොනර බඳ සේ රඟන
ගැට පද -
මල දොළ = මලට රිසි වූ
පිලඹල = පිල්+අඹල = පිල් විහිදූ
Picture - John Bunker, American
Thursday, August 29, 2013
ශීඝ්‍රගාමී කියා කෑ නොගසන්න
නැළවිලි ගමනින් පැමිණ
නවතින්න දෙවැනි වේදිකාව මත
කූඩුවෙහි සිට දෙකන් ඔසවන
සුදු සාවුන් දෙස බලාගෙන
ශීඝ්‍රගාමී කියා කෑ නොගසන්න
බසයෙන් පැන හැකි පමණ දුව එන
සාරිය නුහුරු කුඩා කෙල්ලට
ගොර නොපා ටිකට් කවුළුවට
ඉඟි මරනු අනෙක් පස මල් වැලට
ඉස්ටේසම වහලයෙන් පැන නැඟ
සුළඟ හා අත පාන ඔබ හට
දැන් ඉතින් අරඹන්න
ගීතයක් ගයාගෙන ගමන
නොහෙළන්න බඳෙහි එල්ලුණ
මිණි මෙවුල් කොලුවෙකු බිම
'ලබ් ඩබ් ලබ් ඩබ්' හඬින්
ඇදෙනු ආලයේ නිම්නයට
පිය හිමි මඟ බලා ඇති ගෙදර
අමතක නොකර නොවැරද ම
Picture - Thomas Hart Benton, American, 1899 - 1975
එහෙත් නොකියා ම බැරි ය මිතුරිය
රොබරෝසියා ගස සරසවියේ
මෑතකදි හැමූ සුළඟකට
කඩා වට
අප උන්නෙ ඒ ගහ යට
එකල්හී
ගයමින් නොයෙක ගීත
හැකි පමණ රළු ස්වරවලින
හිනැහෙමින් බිමට එන
මල් කිනිති අහුලමින
කාලයත් සමඟින්
නික්ම ගිය විගස සරසවියෙන්
නුඹට ලද බව ලොකු තනතුරක්
අහන්නට ලැබුණා
'කමක් නෑ ඈ මගේ මිතුරියක'
මමත් හිතුවා
හමුවුණා ඒ ලොකු තැනදි
අහම්බෙන් නුඹ
ලංකාර සොබාවෙන්
නැළවිලි ආඩම්බර ගමනින්
'කොහොමද?' අසා යන්තමට සිනා වී
නික්මුණා ඔබ
අඬන්නැති මහා සරසවිය
මගේ හිත ළඟ
ඒත් ඇඬුවෙ නෑ මම
අප එකට ගත කළ
සවස්වරු උදාවන්
විදුලි වේගයෙන්
දිව ගියා හිත යට
අසා උන් හැටි නුඹේ ප්‍රේමය
බිඳක් අත නොහැර ම
ඇඬුවෙ නෑ මම
නොහෙලුවෙමි එකදු සුසුමක් ද
එහෙත් නොකියා ම බැරි ය මිතුරිය
ලේ ගලන්නට විය
මගේ හදවතින්
Picture owner - unknown
නිදන් පිල්ලේ!
ඇලපිල්ලක්වත් ලියා ගන්නට බැරුව
වැළපිල්ල පමණක් කර මතින් දරාගෙන
නිදන්නට වත් බැරිව නිදන්ගත වණ සමඟ
ඇස බිතෙහි වැගිරෙන ලේ පාට
දුක සොයන්නට ඇවිත්
නවනීදන් පිල්ලේ නම් කෙනෙක්
වැලි පීල්ලක ලියූ අකුරක් මෙන්
ඔය පිල්ලේත් මැකී යයි ටික දොහකින්
පිල් නොලද සෙබඩ මෙන් හෝ
පෑ හේ බා ගිය ලේ පැල්ලමක් මෙන්
කොයිකත් ඉතින් කවර වගතුග අපට
කිව්වා කතාවක් මෝඩ යැයි සිතු මිනිහෙක්
Picture - http://ravaya.lk/articals.php?d=08040837089cdf46631a10aca5258e16
කුඩා ගල් කැට
ශ්වේත වලාවන් අතරින් මිදී දිදුලන කහ පැහැති ඉරෙළිය තුරුපත් 'තරින් රූටා ඔය අසල හා 'වට ගල්තලා මත වැතිර යයි. අපි සෞම්‍ය වර්ණයන්ගෙන් යුතු කුඩා ගල් කැට අහුලමින් ඔය ඉවුරෙහි රැඳී සිටියෙමු. නැවතෙන්නට ලොබින් මෙන් රෑහි වාදනය ගලා යන සිලිලාර නදට එක් ව මතු ව එයි. ඉඳහිට ගිම් සමයේ දාහය දරා ගනු නොහී මෙන් 'ක්වෑක් ක්වෑක්' කියමින් සකලයෙක් දෙදෙනෙක් අහසට නඟිති.
පැසුණු කහ පැහැති නුග පල ගසින් ගිලිහ තැනින් තැන ඔය දියෙහි ගලා යයි. දැරියක් ගලා යන දියට පනිමින් අත මානයේ දිය හා පිනුම් ගසමින් පහළ බසින පල එකින් එක සිය ගවුම් මල්ලට ඇහිඳ ගනී. කුඩා ලංකාර ගල් අහුලමින් මම ඔය ඉවුරේ ඒ මේ අත දිව ගියෙමි. මගේ ඇඳුමේ දෙපැත්තේ තාරාවන් අල්ලා මසා ඇති සාක්කු ගලින් පිරී ඉරී යන්නට මඟ බලයි. මේ කුඩා ගල්වල මොනතරම් දැකුම්කලු ඇත් දළ පැහැ මුසු රෝස පැහැයක්ද ඇත්තේ... මේ බුහුටි කුඩා ගල් කැට පාට කළේ කවුරුන්ද? ඇතැම් විට, මුළු ලෝකෙන් ම ලස්සන කුඩා ගල් කැට ඇත්තේ ගල් ඔයෙහි ම වන්නට බැරිද?
Picture - Arkhip Kuindzhi, Russian, 1842 - 1910, Lake Ladoga
රැඳෙන්න මල් පිපෙන ඔබ කුඩා මිදුල
බිත්තියේ ලියා
මතක තබා ගත යුතු ය
අරණක දිවි ගෙවන්නාක් මෙන්
ජීවත් විය යුතු බව
මහත් දන සපිරිවර අතර
එසේ නොවනා විට
මහත් භීතීන් ඇති වන වග
උගත යුතු ය ඔබ
අමතක නොවන ලෙස
එසේ නොවනා කල
මෘදු බස මැ වේදිත හිත ම
කම්කටොලු ගෙන දිය හැක
නොඇසිය යුතු කියුම්
වේවැල් පහර දෙන බව
මඳ හස ඇති ව වදා හළ
ඔබ මැ සිහි වේ හිමි සඳ
නොදෙසුවේ දහම්
සියල් මිනිසුන් වෙත
මන්දැයි කියා දැන්
වටහා ගත හැකිද මිතුරිය
නොයන්න පිටස්තර ලෝකයට
රැඳෙන්න මල් පිපෙන ඔබ කුඩා මිදුල
Picture owner - unknown
Wednesday, August 28, 2013
උක් ගසක් වෙම්ද මම?
කැටි ගැහුණු දුකක් හා තත් බිඳුණු වීණාව
මරණීය අකුරු ගෙන කන් තලට විසි කරයි
උණු ලෙයින් මිදී එන හුස්ම අතරින් ගිලිහ
නොනැවෙනා අකීකරු හද ඉකිය මතු ව එයි
මියෙන මල් ඇහිලුවා මිසක කොයි විට කවර
මලක් පුබුදන්ට බැරි උක් ගසක් වෙම්ද මම
හැපි හැපී තියුණු දත් අතර සීරී යන
රස ගුලාවක් සමඟ දුක මවා වෙහෙසෙන
Picture - Alexei Zaitsev, Russian, 1959
නුගේගොඩ අලුයම
පියෙන් පිය සිඟන දන පසුවන
දෙස නොබල යන සිඟන දන අප වෙන
නවතින්න උස විලෝ ගස යට මුමුණන
සිහින් කෙඳිරියකි නුගේගොඩ අලුයම
උදා ඉරි නොවැටෙනා රූං පෙති යට නැවත
දවසක් ඇදී යයි හමු වෙනා තුරු හවස
අකුරු එළියට පනියි යතුරු පුවරුව පහර
මල් පිපෙන මල් හැලෙන නිමේෂය තව දුරද
Picture - Caoimhghin Ó Croidheáin, Irish
පමා විය යුතු නොවෙයි
දෙවොල උදුරා වැටෙන
මලවි ගී සර මියෙන
අඳුරු අඩ බිම් කඩෙක
වියැක යන කවියක් ව
ඉතින් මිතුසඳේ අපි
හුස්ම නාරින වරද
නොවෙද හද පෙළ පෙළා
නැඟෙන ගොම්මන් කළුව
දුබල අඩි තිය තියා
වැරෙන් නොවැරෙන් වෙරෙන්
ප්‍රේමයෙන් සමවතින්
නොයෙක කැටපත් මුවින්
උදා ඉරි සොය සොයා
මැදියමෙත් වැසි නුබෙත්
පමා විය යුතු නොවෙයි
දෙනෙත අඳුරුම පැයෙත්
Picture - mozneko
පහන්ට උදව් කරමුද?
කොළඹ විශ්වවිද්‍යාලයේ පහන්ගේ කතාවත් හුඟක් දුක්මුසු එකක්
ඔහුගේ ගිණුම් අංකය - Students Union ucsc 086200171173380 - මහජන බැංකුව තිඹිරිගස්යාය
වැඩි විස්තර - 0755446685 / 0777481173
ආශිර්වාද
පහන් ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යයනාංශයේ එම විෂයට අදාළ විද්‍යා
උපාධිය හදාරන දෙවන වසරේ දක්ෂ සිසුවෙක්. නමුත් මේ වෙද්දී පහන් ඉන්නේ එතරම්
හොඳ සිහි තත්ත්වයක නමෛයි. දරුණු සැත්කමකට මුහුණ දුන්න පහන් මේ වන විට
සෙමින් සෙමින් සාමාන්‍ය තත්ත්වයට පත් වෙමින් ඉන්නවා.
පහන්ගේ ඥාතීන් ඒ වගේම හිත මිතුරන් කියන විදිහට පහන්ව මේ තත්ත්වයට ගන්න දැනට රුපියල් කෝටියකට වඩා වියදම් කරලත් තිබෙනවා.
මෙහෙම වෙන්න හේතුව මොකක්ද? පහන් වෙනුවෙන් අපි මේ සටහන තබන්නේ ඇයි? ඒකට උත්තර මේ දීර්ඝ විස්තරය කියවාගෙන යන විට ඔයගොල්ලන්ට තේරුම්ගන්න පුළුවන් වේවි.
ආශිර්වාද පහන්ගේ අම්මා ඔහුව හැර යන්නේ ඔහුගේ වයස අවුරුදු 6ක් විතර වෙද්දී. හිසේ ඇතිවන ගැටිත්තක් හේතුවෙන් තමයි ඇය ඒ විදිහට මෙලොව හැර යන්නේ.
අම්මා නැතුව මෙලොව තනිවෙන ආශිර්වාද පහන්ට ආදරය සහ රැකවරණය ඉන්පසුව ලැබෙන්නේ ආදරණීය තාත්තාගෙන්. ඒ වගේම නැන්දලා මාමලාගෙන්.
ආශිර්වාද පහන් මේ විදිහට හැදෙනවා. පාසල් යනවා. මුලින්ම මහරගම ජනාධිපති විද්‍යාලයට ඇතුළු වන ඔහු ඉන් අනතුරුව කොළඹ තර්ස්ටන් විද්‍යාලයට ඇතුළු වෙන්නේ අධ්‍යාපනයෙන් දක්වන දක්ෂතා නිසාමයි.
තර්ස්ටන් විද්‍යාලයට ඇතුළුවන ආශිර්වාද පහන් එහි විවාද කණ්ඩායමේ නායකයා වෙනවා. ඉංග්‍රීසි නිවේදකයෙක් වෙනවා. ක්‍රිකට් සෙල්ලම් කරනවා. බටහිර තූර්යවාදක කණ්ඩායමෙත් ඉන්නවා. ඔන්න ඔය වගේ බාහිර ක්‍රියාකාරකම් රැසක ඔහු දක්ෂතා දක්වනවා.
මේ හැම දෙයක්ම මැද්දේ උසස් අධ්‍යාපන කටයුතු කරන පහන් අවසානයේදී තමයි කොළඹ විශ්වවිද්‍යාලයට පරිගණක විද්‍යා අංශයට ඇතුළු වන්නේ.
එතනදීත් ඔහු නිකන් ඉන්නේ නැහැ. විවිධ බාහිර ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වෙනවා. ඒ විතරක් නමෛයි හැමෝගෙම ආදරය දිනා ගන්නා අපූරු මනුස්සයෙක් වෙනවා.
“පුංචි කාලේ ඉඳලම එයා එහෙම තමයි. පුදුමාකාර හොඳ ගති ගුණ ඔහු සතුව තිබුණා. ඒව කවදාවත් වෙනස් වුණේ නැහැ. මෙහෙම කිව්වේ පහන්ගේ මාමා චින්තකය.
මේ විදිහට ජීවත් වුණු පහන් එක දවසක් හිස අල්ලගෙන කෑ ගැහුවා. ඒ වේදනාව ඉවසා ගන්න බැරිව. කොහොම හරි අන්තිමට පහන්ගේ තාත්තා ඔහුව එක්කරගෙන ජයවර්ධනපුර රෝහලට ආවා.
මෙහිදී කළ සී.ටී.ස්කෑන්
පරීක්ෂණවලින් පසුව වෛද්‍යවරු නිගමනය කළා පහන්ගේ හිසේ වතුර පිරිලා කියලා.
අවසානයේදී මේ වෙනුවෙන් ශල්‍යකර්මයක් පවා සිදු කෙරුනා. නමුත් ඒක සාර්ථක වුණේ නැහැ. නැවතත් ඒ ගැටලුවම ආවා.
“ඊට පස්සේ නැවතත් ශල්‍යකර්මයක් සිදුකෙරුනා. ඒ
විශේෂඥ වෛද්‍ය සුනිල් පෙරේරා මහතාගේ මැදිහත් වීමෙන්. ඒ ශල්‍යකර්මය සිදුකෙරුනේ කොළඹ පෞද්ගලික රෝහලකදීයි. “චින්තක නැවත කිව්වා.
සාමාන්‍යයෙන් පෞද්ගලික රෝහල්වල සිදු කරන ශල්‍යකර්ම සඳහා සැලකිය යුතු මුදලක් වැය වෙනවා. ආශිර්වාද පහන් වෙනුවෙනුත් ඒ වගේ මුදලක් වුවමනා වුණා. ඒ කියන්නේ රුපියල් කෝටියකට වඩා.
මේ වෙලාවේ ආශිර්වාද පහන්ගේ ජීවිතේ බේරාගන්න ඔහුගේ තාත්තා සහ ඥාතීන් වගේම විශ්වවිද්‍යාල යහළු යෙහෙළියන් වගේම ගුරුවරුත් මහ පාරට බැස්සා. ඒ කතාව අපිට කිව්වෙ පහන්ගේ කථිකාචාර්යවරියක් වූ ශිරෝමි අරුණතිලක මහත්මියයි. ඒ වගේම පහන්ගේ මිතුරු බුද්ධියි.
“පහන්ට හැමෝම ආදරෙයි. පහන් පුදුම ගති පැවැතුම් තිබෙන ළමයෙක්. එයාට අපි හැමෝම හරිම ආදරෙයි...
පහන් ලෙඩ වෙලා කියල දැනගත්තම අපි හැමෝම පුදුම වුණා. ඇයි මේ තරම් හොඳ කෙනකුට මෙහෙම වුණේ කියලා.
මේවා හිතලා තමයි අපි පාරට බැස්සෙ. අවසානයේදී අපි හිතපු නැති විදිහට බොහෝ දෙනා අපිට උදව් කළා.
මේ උදව්වලට පින්සිදුවෙන්න තමයි පහන් දැන් ශල්‍යකර්මය සිදු කරලා ප්‍රකෘති සුවය ලබමින් ඉන්නේ. කථිකාචාර්යවරිය සහ බුද්ධි කිව්වා.
මේ විදිහට ලොකු මුදලක් හොයාගෙන ගොඩගත්ත පහන්ගේ ජීවිතය රැක ගන්න තව තවත් මුදල් ඕන. ඒකට හේතුව තමයි අවුරුදු තුන හතරක් ඔහු වෙනුවෙන් ප්‍රතිකාර ලබාදීමට සිදුවීම.
“දැන් පහන් යන්තම් අපි දිහා බලනවා. අපිව හඳුනගෙන පුංචි පුංචි ප්‍රතිචාර දක්වනවා. ඒක අපිට විශාල සතුටක්.
තවමත් පහන් වෙනුවෙන් වෙහෙසෙන එක පහන්ගේ හිතමිතුරන් අතහැර දමලා නැහැ. විවිධ ආධාර ක්‍රම හොයාගෙන ඔවුන් යම්යම් තැන්වලට යනවා.
මේ දේවල් මෙහෙම වෙද්දි පහන්ගේ අසනීප තත්ත්වය ඉවසා ගන්න බැරිවුණු ඔහුගේ තාත්තා උපාලි ශ්‍රියානන්දත් රෝගී වුණා. ඔහු හෘද රෝගයට ගොදුරුව ශල්‍යකර්මයකට පවා මුහුණ දුන්නා.
දැන් පහන් වෙනුවෙන් තාත්තාට පවා වෙහෙස මහන්සි වෙන්න බැහැ.
අපිට පහන්ගේ ජීවිතේ හුඟක් වටිනවා. ඒ පහන් දක්ෂ ඒ වගේම බොහොම හොඳ ගති පැවැතුම් තිබෙන දරුවෙක් හින්දා. මේ දරුවාව අපිට බේරගන්න ඕන. ඒ නිසා තමයි ඔහු වෙනුවෙන් උදව් කරන්න කියලා අපි ඉල්ලන්නේ.”
කථිකාචාර්ය ශිරෝමි අරුණතිලක මහත්මිය කිව්වා.
පහන්ගේ පින්තූර දිහා හොඳින් බලන්න. ඔහුගේ අහිංසක පෙනුම.
මේ අය කියන ගති පැවැතුම් හා බෙහෙවින් සසැඳෙන බව ඔබටත් තේරුම් ගන්න පුළුවන් වේවි. අපි පහන්ට ආශිර්වාදයක් වෙමු. එතකොට කවදා හරි පහන් මේ සමාජයට ආශිර්වාදයක් වේවි.

සමන් ප්‍රියංකර නම්මුනිගේ
ඉල්ලාගත් බැවින් ලිපිනය, තාත්තෙක් ලැබේ යැයි මඟ බලා සිටිමි.
<<<<< තාත්තා ගැන හිතට දැනෙන දේ ලියන්න..
ලස්සනම අදහසට මතක හිටින පුංචි තෑග්ගක් ! >>>>>
හිතට දැනෙන අදහස් රැසක් අතරින් තෝරා ගත් අදහස.
මහගමසේකර FB පිටුව/
.
ළබඳ සේකර,
අමුණමි මගේ 'කුරු නොව
නුඹේ අකුරු ම නැවත
කුමට ගුම් නඟන අහසට
රන් පාර විදුලි සර
"කුමටද පැසසුම්
නොවත ඒ සිත දුකට පිළියම්
පැසසුම් ද ගැරහුම්
දෙක්හි වෙනසක් සිතට නැතිනම්
පැසසුම් ලබනටද
ගැරහුම් ලබනටද නොව
පැසවා කළල මෝරා
සිතෙහි දුක් කවි ලෙසින් බිහි වෙයි
ලියන්නැයි එවන් කවි
තවත් මට නොකියන්න.."
ස්තූතියි, විඳි සැමට
http://amaleymunasinghe.blogspot.com/2013/07/blog-post_3923.html
Tuesday, August 27, 2013
මළගමට
අපේ මළගමට
සඳවත් එයිද...?
ඒ හැර අන් කවර
රජ මැති මිනීමරු පෝරිසාද
Picture - Saatchi Online Artist: Nena Stojanovic; Enamel, 2013, Painting "one more reason"
තනි සටනකි කිසිවෙකුත් නැති
තනි සටනකි කිසිවෙකුත් නැති
මරණයකි එය අමෘතය වැනි
නවා කොඳු පෙළ නොදරමිය මිත
අප කපා හළ අධම කගපත
නිමිත්ත :-
5 ශිෂ්‍යත්ව විභාගයේ හොඳට පිළිතුරු ලියූ දරුවන්ගේ පිළිතුරු පත් පැහැර ගෙන ඒවාට වෙනත් පිළිතුරු පත්‍ර ආදේශ කිරීම.
දරුවෝ හඬා වැළපෙමින් සිදු වූ දෑ කියත්.
මූලාශ්‍රය - ස්වර්ණවාහිනී, ලයිව් ඇට් 8, 2013.08.27
Picture - Anna Ismagilova
වැළඳ හද මනනඳ
කොඳ කුසුම ලෙද රද පබඳ පද විඳ හදින සොවිනිඳ නිතොර සොඳ
සඳ දිවද මද ගන රැයද මවුවත් ගුණින පිරිමැද ළමැද ළඳ
දද සබඳ නද වරද පැහැනද අමැද ලද තෙද වොරැඳ පියබඳ
සිඳ නොමඳ හද දුගඳ පිරිසිඳ වැළඳ සද මනනඳ හදින පුද
Picture - Lilian Westcott Hale, American, 1880 - 1963
නොපැමිණෙමි ඔබේ දෙවොලට Ed.1
තලන විට හැඩි දැඩි කසවලින්
වඩ වඩා නොතකමි
සුවඳ පැනින් නහවමින්
වැඳ නොවැටෙමි
බැගෑපත් නොවෙමි
නොපැමිණෙමි මම
ඔබේ දෙවොලට
ළඟ දණින් වට
මහත් දන නොතකා
දෙවියන් වුව සලකාද
නොනැඟිටිමි අස්නෙන් මම
දෙවොල් විහාර බෝ මළු අසල
හඬා නොවැටෙමි
පෑදි දිය මෙන් බලා ඉමි
මල් උගුලුවා ගසින්
නොකරමි යාදින්න
මහත් ප්‍රතිමාවන් හද මළුව මත
නිතොර නැඟී සිටිනා බැවින්
කවුළුවලින් හිස් යොමා
නොපතමි කිසිදු පැතුමක්
දෙවොල් විහාර බෝ මළු අසල
හඬා නොවැටෙමි
පෑදි දිය මෙන් බලා ඉමි
මල් උගුලුවා ගසින්
නොකරමි යාදින්න
මහත් ප්‍රතිමාවන් හද මළුව මත
නිතොර නැඟී සිටිනා බැවින්
කවුළුවලින් හිස් යොමා
නොපතමි කිසිදු පැතුමක්
නොපැමිණෙමි මම
ඔබ දෙවොලට
ඔබ දෙවොලට
/
උදේ හවස තෙහෙට්ටු ව
ජනී ජනයා අතර තෙරප
ජීවිතය ගැට ගහමින්
මුළු මඟ ඇවිද යමි
දුක දැනෙන දන සමඟ
ඔබ ව මට නොතරම් ය
දෙවිගඟ
Picture -Natasha Milashevich, Russian, born 1967
උදේ හවස තෙහෙට්ටු ව
ජනී ජනයා අතර තෙරප
ජීවිතය ගැට ගහමින්
මුළු මඟ ඇවිද යමි
දුක දැනෙන දන සමඟ
ඔබ ව මට නොතරම් ය
දෙවිගඟ
Picture -Natasha Milashevich, Russian, born 1967
ඉතින්, අපි නැගිටිමු.
උදෑසන පැය බාගයක් වේලාසනින් බසින මම කඩිමුඩි ව පිබිද වැඩ අරඹා ඇති නුගේගොඩ මංසන්ධිය පසු කරමින් යන්නේ ඉබි ගමනනි. ඉක්මන් අඩි පා කරමින් වර්ණවත් ඇඳුම් ඇඳගත් මිනිස්සු වේගවත් ගමනින් තැනින් තැන මතු ව නොපෙනී යති. වාහන තදබදයක් මට නොපෙනෙයි. මට පොත් බැලිය හැකි එක ම වේලාව එය වුවත් සරසවිය හැම දා ම වසා ඇත. මම වීදුරු දොර දෙස නිකමට මෙන් බලමින් ඇවිද යමි. තවත් අය යුහුසුළු ව තම සාප්පු, කඩ පිල් විවෘත කරනු පෙනේ. වාසනාව විකුණන මහතා පැමිණෙන්නේ හිමිදිරිය ම යැයි මට සිතේ. අයෙක් යන එන ගමන් මඳකට ඔහු අසල නවතති.
යන අතර කෝච්චි පාර වැසුණොතින්, දොර අසලට වී එහි ගමන් ගන්නා මඟීන් මට දැකිය හැකි ය. මම කෝච්චිය දැකීමට ප්‍රිය කරමි. පිච්ච ගස් තිබෙන්නේ කෝච්චි පාර පසු වුණු පසු ය. එහි හැම දා ම මල් පිපේ. ඔවුහු එතැනින් හැම දා ම යන ඉබි ගමනිය හඳුනන්නෝය. උදෑසන හීන් සුළඟක් අසල බංකු කිහිපය ද තුරු පෙළ ද පිස හමා යයි. ඉදිරි මඟ ඈත කොනකින් මතුවන උදා ආලෝකය මට පෙනෙයි.
ඉතින්, මා ඈ ගැන තව ම කීවේ නැත. ඇය මට හමුවන්නේ, නුගේගොඩ මංසන්ධියේ නාවල දෙසට හැරෙන තැන ය. පහන් මෘදු ගුණයක් ඇති ඈ හීන්දෑරි ය. 'මේ ආච්චිඅම්මා කොහේ සිට එන්නීද? ඈ විකුණන්නේ මොනවාද?' යි සිතමින් මම හැම දා ම එතැන පසු කර යමි. එක වරම මට එතැන නවතින්නට අපහසු බව දැනේ. අද ද මම ඇය පසු කර පැමිණියෙමි. අද නම් ඈ විකුණන දෙය ගත යුතු ම යැයි සිතා මම නැවත හැරුණෙමි. "මේ මොනවද?" මම ඈට ළං කොට විමසුවෙමි.
"හකුරු" ඈ ද මට ළං කොට මා විමසූ 'යුරින් ම සිනා මුහුණින් යුතු ව පැවසුවා ය. "මට එකක් දෙනවාද?" "නෑ.. මල්ලක් ඕනි නෑ..මේකට ම දාන්න." වියළන ලද කෙසෙල් කොළයක ඔතන ලද හකුරු මුලට මම මගේ බෑගය දිගු කළෙමි. "ආච්චි අම්මා, ළඟද ඉන්නේ?" "නෑ, මං හංවැල්ලේ ඉඳන් එන්නේ.. උදේ ම බස් එකේ එනවා.." "ඉතින්, උදේට කාලද ඉන්නේ.." "නෑ..තාම කඩේකින් බනිස් ගෙඩියක්වත් ගන්න ඕනි.." ඇගේ සිනාව පියකරු ය. ඈ සිටින්නේ හිටගත්වන ම ය. එහි හිඳ ගන්නට තැනක් නැත."මං ළඟ වැඩිපුර බතුත් තියෙනවා.. ආච්චිඅම්මට බත්මුලක් දෙන්නද?" "මෙතැන තියන් කන්න තැනක් නෑනේ.. ඒකයි මං බනිස් ගෙඩියක් ගන්නේ.." "එහෙනම් මං ගිහින් එන්නම්.." මම ඇය පසු කර ආවෙමි.
වියපත් වුවත්, ජීවන අරගලය නවත්වන්නට ඇයට නොහැකි ව ඇත. අප මුදල් සෙවිය යුතු ය. එය ව්‍යතිරේකී දෙයක් නොවේ. ජීවන නියෝගයක් නොවේද? ඇය වියපත් වුව ද නැවතීමට නොහැක.
ඇතැම් වාසනාවන්තයින්ට මුදල් සෙවීමට පහසු මාර්ග හෝ යටත් පිරිසෙයින් තමා කැමති රැකියාව හෝ ලැබේ. ඒත්, ඒ කොතරම් ස්වල්ප පිරිසකටද? එවැන්නන්ට රැකියා තෘප්තිය තුළින්, තමා කැමති කලාවක් සේවයක් තුළින් ජීවිතය රැක බලා ගත හැකි ය. සෙස්සන්ගේ ජීවිතය පොතට පතට පමණක් ම සීමා වන කම්කරු නීති මැදින් දිය ව වැහැරී ගලා බසින්නේ නොවේද?
සමාගම්හි සේවය කරන්නන්ට, ජීවත්වන්නට වේලාවක් නැත. ජීවිතය වැඩට සීමා වී ඇත. නිවාඩු ලැබෙන්නේ සතියට දිනක් පමණ ය. ඔෆීසියේ වැඩ පරිසරය අප්‍රසන්න ය. ලබා දිය යුතු මූලික පහසුකම්වත් නොමැති තැන් කොතෙක්ද?
සවස වැඩ ඇරී කෝච්චියේ සිර වී එන අතර මා වටා දහදියෙන්, වෙහෙසින් පෙඟී ගොස් සිටින සියලු මිනිසුන් කෙරේ මා සිත ඇදී යන්නේ මහත් දායානුකම්පාවකි. මම ද ඔවුන් අතර ම එකෙක්මී. සැබවින් ම, මම පෞද්ගලික ජීවිතයක් නැත්තියක්මි. ජීවත්වන්නට වෙලාවක්, නිවාඩුවක් නැත්තියක්මි.එසේ වුව ද, එකී කාලය තුළ අරුතැති රාජකාරියක් කරන්නට ද ඉඩ නොලද්දියක්මි. මට මිනිසුනට සේවය කළ හැකි යම්කිසි රැකියාවක් ලැබිය යුතු යැයි මට සිතෙන්නේ එබැවිනි.
සති අන්තයේ කෝච්චියේ අපේ ගෙදර යමින් සිටි මගේ යෙහෙළිය මා දෙස බලා සිටියේ මවිත වූ මුහුණෙනි. වෙහෙසකාරී ජීවිතය මා විසින් පිළි ගෙන ඇති බව ඇයට අදහාගන්නට නොහැකි ව ගොස් තිබේ.
"මං බැන්ඳොත් බඳින්නේ වයසක සල්ලිකාර මිනිහෙක්. මට බෑ ඔහොම දුක් විඳ විඳ රස්සා කරන්න" මගේ යෙහෙළිය කනුකුනු ගාන්නට වූවා ය. මම සිනාසුණෙමි. "හරි එහෙනං, බැඳගෙන බලන්නකෝ.." මම කීවෙමි. "මැරුණාට පස්සේ බූදලෙත් අයිති කරගන්ඩ බැරියැ.." අපි දෙදෙනා ම එ වර කුඩා උන් මෙන් සිනාසුණෙමු.
කෝච්චිය වේගයෙන් යයි. එහි හඬ මගේ හද පතුල විනිවිද නැඟේ. කොළ පාට ගස් කොළන් අතරින් ඇදී යන කෝච්චි ගමන රසාලිප්ත ය. කුඹුරු අතරින් මතු වෙන දිය ගඟුල් මට පෙනෙයි. මල් පිපී ඇති මිටියාවත් වුව යම් දිනෙක හමු විය නොහැකි නොවේ.
එතෙක් අපි ගමන යා යුතු වෙමු.
ඔව්, අපි අපේ හදින් නැඟී සිටිය යුතු වෙමු. අපට හැබෑ ලෙස අත දිය හැක්කේ අපට ම මිස ඒ අන් කිසිවෙකුට නොවෙයි. ඉතින්, අපි නැගිටිමු.

Picture - Ginette Beaulieu, Canadian, born 1954
Monday, August 26, 2013
මැන්ඩාමුස් ආඥාවක් නිකුත් කරමි
මැන්ඩාමුස් ආඥාවක් නිකුත් කරමි
කිසිවෙකුට නොව මගේ හදවතට
වහා නවතනු ගිගුම් දීම
අකුණු සර හා විදිලි කෙටුම
බලාතික්‍රමණය නොකරනු
නිශ්චලත්වය නොමඳ
නවත්වනු ලබ් ඩබ් නාදය
දරාගත හැකි වනු ලෙස
වින්දිතයාට නිහඬ
අරුත් නිපැයුම් උවමනා නැත
ලබා දෙනු නිහඬ බව
නැවත මා හද වෙත
Picture - Sinziana Stoicescu, Romanian
Sunday, August 25, 2013
අරුමැසිය රස රඟන
ඔද නැඟෙන කඳු අතර
නද නඟන විහඟ බඳ
මන නඳන හිත දවන
රහස කිමදැයි සබඳ
ගඟ වොරැඳ හඬ මවන
අරුමැසිය රස රඟන
කවි හදක මතු නැඟෙන
සතුට තිළිණය පමණ
Picture - Anna Aden, Swedish
Saturday, August 24, 2013
සුහදා
සුහදා
ජීවිතය බිඳෙන්නයි යන්නේ
මල් නොපූදා
වන ගිර ම සලිත කළ ඇසිද හඬ ගොර බිරමා
යා හැකිද අඩි පාර දිග නොසෙල්වී නොඉඳා
ජීවිතය වැටකඩුලු බැඳ මඟ බලන නොමඳා
කඳුළ හැර හැකිද ගෙන එන්න හසරැලි පුබුදා
Picture owner - unknown
Friday, August 23, 2013
ජීවිතේ ලිහුණා
ශ්වේත නුබ කොන - ඈත වලා දේහය
අතර තරු සිඟිත්තක් සෙමින් දිලුණා
රෑහි හඬ විමානය කීතු කර දා
විලාපය අතැර රුව ඇදුණා
රාහුලය භවය දිග් ගැසුණා
රාහුලය භවය දිග් ගැසුණා
තුඟු විසල් ඉම නොදත්
අඩි පාර නැතකැතී
අහස පමණකි වටින්
මඟ ලකුණු හසරැතී
නොනිමි තැනිතලාවක
රෑහි හඬ විමානය කීතු කර දා
විලාපය අතැර රුව ඇදුණා
රාහුලය භවය දිග් ගැසුණා
රාහුලය භවය දිග් ගැසුණා
තුඟු විසල් ඉම නොදත්
අඩි පාර නැතකැතී
අහස පමණකි වටින්
මඟ ලකුණු හසරැතී
නොනිමි තැනිතලාවක
ජීවිතේ ලිහුණා
නම නොදත් භූමියක
අකල්හී තනි සකල
අරුත මැන බැලුවා
අකල්හී තනි සකල
අරුත මැන බැලුවා
සතුට දුක විරසකය
එක පිඬට ලා රැගෙන
දිව ද රෑ ගෙවුණා
එක පිඬට ලා රැගෙන
දිව ද රෑ ගෙවුණා
Picture owner - unknown
Thursday, August 22, 2013
උදකලා කඳු
උදකලා කඳු
මවයි සිහිලැල් ඌල
විසල් හරිත පෑ ලොවක
සුව මවයි තනිව ම
නොදොඩයි එකදු වදනක්
සමවත් සුවෙනි මවුවත්
බිජුවට නැඟී පස බිඳ
ළදල්ලෙන් සොඳුරු පත් වෙත
බිඳෙන් බිඳ නැඟෙන උස් උර
නොඅසු වුව ඇය ඇසට ද
නොනවත්වා ගැයුම
දත් නොදත් බෝ දන වෙත
මල් මවයි කඳු බඳ
හරිත සේලය සලමින
Picture - singletracks.com
Wednesday, August 21, 2013
සිවුරුහනකට කැටි වූ අමන්දානන්දය
හැම අවුරුද්දක ම ලෝකයේ සිවුරුහන් බෑමට බොහෝ රුචි ඇත්තන් එකට එක්කාසු වෙන්නේ උතුරු කැරොලිනාවේ ලුවිස්බර්ග් පාසලට. ඒ සිවුරුහන් බෑමේ වාර්ෂික ලෝක සූරතා තරගාවලිය සම්පූර්ණ කරන්න යි. තරුණ හා මහලු සිවුරුහන්බාන්නන් විනිශ්චයට බඳුන් වන්නේ ඔවුන් අර්ථ නිරූපණය කරන පරිදි බොහොම ජනප්‍රිය කොන්සර්ටෝව සහ සොනාටාවන් කිහිපයක් අනුනාදය, ස්වරභේදය සහ වේදිකාමය ඉදිරිපත් කිරීම මත යි.
/
1970
දී,
ලුවිස්බර්ග් පාසලේ මහජන සම්බන්ධතා
පිළිබඳ අධ්‍යක්ෂ වූ ඇලන් දි හාර්ට් දකුණු
ප්‍රාන්තයන්හි සම්ප්‍රදායික සංගීතය සහ නැටුම අරමුණු කර ගනිමින් ෆ්‍රෑන්ක්ලින් ප්‍රාන්ත
සහ ලුවිස්බර්ග් පාසල් උත්සවය ආරම්භ කළා.
/
අවුරුදු තුනකට පස්සේ, උතුරු කැරොලිනාවේ ඩර්හම්වල තරගකරුවෙකු වූ ඩැරල් විලියම්ස්
ඔහුගේ මුල් නිර්මාණය ගැයුමට වඩා සිවුරුහන් බෑමට ඉල්ලා සිටියා. විනිසුරුවන් විසින්
එය පිළිගත් අතර එකී වාර්ෂික උත්සවය යුහුසුළු ව ජාතික සිවුරුහන්ලන්නන්ගේ සමුළුව බවට
පත් කිරීමට හේතු වූ ඔහුගේ ඉදිරිපත් කිරීම
දැක ඔවුහු
මහත් විස්මයට පැමිණුණා.
/
පසුගිය අවුරුදු 40 තිස්සේ ම, මුළු ලොව වටා සිටින
දක්ෂ සිවුරුහඬලන්නන් ලුවිස්බර්ග් වෙත පැමිණෙමින් සිටින්නේ සිය හැකියාවන් පෙන්වා ‘ලෝක සිවුරුහන්බෑමේ සූරයා’
නාමය අයිතිකරගැන්මේ ආසාවෙන්. බොහෝ මිනිසුන්ට මේ තරගය උමතු තරගයක් මෙන්
හැඟිය හැකි වුවත්, මේ තරගයට සහභාගි වන තරගකරුවන් ගොඩට නම් මේ මහත් භාරදූර
රාජකාරියක්. ඔවුන් ඔවුන්ගේ සිවුරුහන්බෑම සහ වේදිකාවේ රඟ දැක්වීම පුරුදු පුහුණු
කරමින් බොහෝ වේලවක් ගත කරනු ලබනවා.
/
ඒ වගේ ම, තම තමන්ගේ උපකරණ අදාළ දිනයේදී ඉහළ තත්ත්වයෙන් පවතීදැයි තහවුරු
කර ගැනීමට ඔවුන් විශේෂ සැලකිල්ලක් දක්වනවා.
සෙසු අය අදාළ ඉදිරිපත් කිරීමට කලින් අයිස් වතුර තොල ගාන අතරේ, චුම්බනය පැහැදිලි ව
ම දෙතොල් සංවේදී කළ හැකි නිසා, ඔවුන්ගෙන් සමහරක්
තම දෙතොල් නැවුම් ව තබා ගනු පිණිස
“24 පැයක් චුම්බනයෙන් වැළකී සිටීමේ” ප්‍රතිපත්තියක්
අනුගමනය කරනු ලබනවා. අයිස් සියුම් හා මෘදු බවක් ඇති කරමින් ද වායුවට නිසි පරිදි
ගලා යන්නට ඉඩ සලසමින් ද තොල් පටක සංකෝචනය කරනවා.
/
මෙම
වසරේදී, කලාකරුවන් 60දෙනෙක් 'ලෝකයේ හොඳම සිවුරුහන්බාන්නා’ නාමය
සඳහා තරග වැදුණා. නව යොවුන් ඛාණ්ඩයේ විශිෂ්ට නාමය දිනා ගත්තේ අවුරුදු 14ක්
වයසැති ගෑණු දරුවෙක් වන ජපානයේ මරීනා කාටෝ. ඇය වසරක පමණ පටන් වැඩියත් ම සාමාන්‍ය
ගෙදර දොර වැඩ අතරතුරේ සිවුරුහන් බෑ කෙනෙක්. සාම්ප්‍රදායික ව ජපන් කාන්තාවන්
සිවුරුහන් බෑමට අධෛර්යමත් කළත්, කාටෝ සහ සිය සිරුරු සංගීත භාණ්ඩ ලෙස යොදා
ගැනීමට රිසි අනෙක් තරුණ ඉදිරිපත් කරන්නන්
ඔවුන්ගේ ම සම්ප්‍රදායක පිහිටා සිටිනවා.
/
1940 ගණන් වන තුරු සිවුරුහන් බෑම වඩා ජනප්‍රිය
වුවත්, අද කාලයේ බොහෝ දෙනා එය සිදු කරන්නේ කෙසේද කියාවත් නොදන්නා තරම්. නිසි
පරිදි සුසර කළ කල්හි මිනිස් මුව කොතරම් විස්මිත මෙවලමක්ද යන්න මිනිස් පෙළ වෙත
ස්මරණය කර දෙන ජාත්‍යන්තර සිවුරුහන් සමුළුව වැනි වැඩසටහන් වෙත ස්තූතිවන්ත විය යුතු
යි.
/
ඔව්, ඇත්තට ම සම්භාව්‍ය සංගීතය සිවුරුහනකට කැටි වූ
විට කොතරම් අමන්දානන්දයක් ජනිත කරයිද? ඉතින් ඔබ එය සවන් දී ම විඳිය යුතුයි..
Luke Janssen - YouTube
Monday, August 19, 2013
මහ රහතුන් වැඩි මග ඔස්‌සේ.... වෙරළු ගසේ උපාදානය
මේ ලිපිය ලියූ ස්‌වාමීන් වහන්සේ මේ වන විට
පිංවත් ඔබ ගැන අනුකම්පාවෙන් දම් දෙසුම් පවත්වන්නාහ. එදා
උන්වහන්සේ මේ පිං බිමේ ගැඹුරු වන ගැබක අලි, කොටි, වළසුන් මැද
ඒක විහාරීව දහම් සුව විඳිමින් සිටියදී අප ගැන අනුකම්පාවෙන් මේ
සටහන් තැබූහ . මේ ඝෝර කටුක සංසාරයේ බිය දැක, මේ ආත්මයේදීම සසර
දුකින් එතෙරවීම අදිටන් කරගනිමින් සෘජුව නිවන් මගෙහි ගමන් කළ
උන්වහන්සේ ලබා ඇති මගඵල ගැන කියන්නට තරම් මම සමතෙක් නොවෙමි.
එහෙත් උන්වහන්සේ වැඩිය යුතු බවුන් වඩන උතුමකු බව කියන්නට මම
නොපැකිලෙමි. එදා, තම අවබෝධය මෙන්ම අත්දැකීම්ද උන්වහන්සේ සතු වූ
කුඩා පොත් හතරක සංස්‌කරණය නොකළ සටහන් ලෙසින් මා අතට පත් කළ
උන්වහන්සේ වනයේ නොපෙනෙන ඈතට වැඩියහ. ඉනික්‌බිති කිහිපවරක්
උන්වහන්සේ හමුවීමට මා භාග්‍යවන්ත විය. එහිදී නැවතත් සටහන්
කිහිපයක් මා අතට පත්විය. ඒ සියලු සටහන් කෙතරම් දාර්ශනිකද?
ගැඹුරුද? ආශ්චර්යමත්ද? නිවන් මගට පිළිපන් ගිහිපැවිදි උභය
පාර්ශ්වයන්ට මෙය අගනා පූජාවක් වනු ඇතැයි මගේ පුහුදුන් සිත
කියයි. මේ සියල්ල ඔබ වෙත ඉදිරිපත් වුවද ඒවා ලියූ උන්වහන්සේගේ
නාමය හෙළි නොකරන සේ කරන ලද අයෑදුමක්‌ද විය. කාලයා විසින්
උන්වහන්සේව හෙළිකරනු ඇතත් ඒ මුල් පොරොන්දුව මම අදටද රකිමි. මා
ලද ඒ අතිශයින් අගනා දහම් පඬුර පමණක් ලිපි මාලාවක් ලෙස ඔබ අතට
ගනු මැනවි!
(මෙම ලිපියේ පළමු කොටස ඉකුත් සතියේ පළවිය)
ජලයේ ගිලී මියගිය මහත්මයාගේ ඥාතීන් භික්‍ෂුවගෙන් විමසුවා කුමක්‌ද මේ සත්වයා ඉහත ස්‌වභාවයෙන් මුදවාගැනීමට කළයුත්තේ කියලා. අනුමාන වශයෙන් භික්‍ෂුව ප්‍රකාශ කළා මහා සංඝරත්නය උදෙසා දානයක් දෙන්න, මරණයට කැපවු සතුන් නිදහස් කරන්නය කියළා. දානය දෙන්න කීවේ ඒ සත්වයාට ආයුෂ, වර්ණය, සැපය, බලය ලබාදීමට. මරණයට කැපවු සතෙක් නිදහස් කරන්න කීවේ එම සත්වයා මරණබියෙන් තැතිගැනීමෙන් තවම ජීවත්වන නිසාය. සියක් නමකට අධික මහාසංඝරත්නයට සාංඝික දානයක් පුජාකරලා, මස්‌කඩයෙන් කුකුලෙක් නිදහස්‌කරලා අරමුණ වශයෙන් ඒ අය මතක තබාගත්තේ තම ඥාතියා ඉහත භූත ස්‌වභාවයෙන් මිදී සුගතියක් ලබාගනිත්වා කියලයි. මේ ආකාරයෙන් පිං අනුමෝදන් කළාට පසුව දිනක් භික්‍ෂුව සමාධියෙන් පසුවෙන විට භික්‍ෂුවට දර්ශණය වූයේ හොඳින් අතුවලින් පිරුණු ගසකි. එම ගසේ අතු අතරින් භික්‍ෂුවට දර්ශණය නොවු අයෙක් ප්‍රකාශ කළේ 'මම දැන් සිටින්නේ වෙරළු ගසේ' කියාය. දර්ශනය මෙතැනින් නිමාවිය. අදාළ ඥාතීන්ගෙන් භික්‍ෂුව විමසුවා තම මියගිය ඥාතියාගේ නිවසේ වෙරළු ගසක් තිබෙනවාද කියලා. එවිට ඒ අය 'නැහැ' කියලා කිව්වා. එහෙමනම් ඔබලාගේ නිවසේ වෙරළු ගසක් තිබෙනවාද ඇහුවා. ඒ අය කීවා ගෙදර දොරකඩම වෙරළු ගසක් තිබෙනවාය කියලා.
බලන්න මේ සත්වයා උපාදානය කරපු හැටි. ඉහත සඳහන් කළ භූත සත්වයා වෙනුවෙන් සියක් නමක් වූ මහාසංඝරත්නයට දානයක් පිලිගන්වලා, සතුන් නිදහස් කරලා සියලුම පිංකම් සිදු කළේ ඔහුගේ වැඩිමහල් සහෝදරයා. මේ මියගිය මහත්මයාගේ දරුවාත් දැන් සිටින්නේ මේ වැඩිමහල් සහෝදරයාගේ නිවසේ. මේ සහෝදරයින් දෙදෙනා බොහෝම ලෙන්ගතුව ජීවත්වුණ දෙදෙනෙක්. වැඩිමහල් සහෝදරයා බොහෝම සද්Aධාවන්ත බෞද්ධයෙක්.
දියේ ගිලී මිය ගිය තම බාලසහෝදරයා මියගිය පසු මුලින්ම ලැබූ තැති ගත් ස්‌වභාවයේ සියුම් භූත ස්‌වභාවයක සිටියත්, තම වැඩිමහල් සහෝදරයා සහ ඥාතීන් කරපු ශක්‌තිමත් පින නිසා එම භූත ස්‌වභාවයෙන් මිදුනා. තැති ගැනීමෙන් මිදුනා. මරණ භිය පහව ගියා. එය හරියට තද නින්දෙන් අවදිවුන මනුෂ්‍යයෙක් මුහුණට වතුර ඉසගන්න වගේ. ඔහුට දැනෙන්න, දකින්න ලැබුන තමාව අරමුණු කර අනුමෝදන් කළ පින. එහෙත් මේ අවාසනාවන්ත සත්වයා ක්‍ෂණිකව ඔහුගේ කැමත්ත ඡන්ද රාගයෙන් අල්ලා ගත්තා. ඒ කැමැත්ත තමයි තමාට පිං අනුමෝදන් කිරීම සිදුකළ කුඩාකාලයේ සිට සහෝදරත්වයෙන් බැදුණු මෙන්ම මියගිය ඔහුගේ දරුවාද ඒ මොහොතේ ජීවත්වූ තම වැඩිහිටි සහෝදරයාගේ නිවසේ ඉදිරිපිට දොරටුව යාබද වෙරළු ගස. අර ශක්‌තිමත් පින දැනෙද්දීම තෘෂ්නිම්භූත භූත ස්‌වභාවයෙන් මිදුනත්, ඔහු නැවත ප්‍රතිසන්ධියක් ලැබුවේ වෙරළු ගසේ. වෙරළු ගසේ අතු අතරින් මේ සත්වයා කටහඬ පමණයි ඉදිරිපත් කළේ. ඔහුගේ කයේ ස්‌වභාවය භික්‍ෂුවට අරමුණු වුයේ නැහැ. ඔහු රුක්‌දෙවියෙක්‌ද එසේත් නොමැතිනම් පරදත්ත රූප ජීවී වැනි ප්‍රේත කොට්‌ඨාශයකට අයත් කෙනෙක්‌ද කියන්න භික්‍ෂුව දන්නේ නැහැ.
මෙතැනදී සිදුවු අවාසනාවන්ත සිදුවීම තමයි, මොහු පිං අනුමෝදන්ව සිටියදීත් ශක්‌තිමත් නොවු තැනක් උපාදනයකර ගැනීම. ඊට එකම හේතුව ජීවත්ව සිටිය කාලය තුළදී දානය, ශීලය, තෙරුවන් කෙරෙහි සද්ධාව ජීවිතය තුළින් පුරුදු පුහුණු නොකිරීම. ඥාතීන් දරුවන් කෙරෙහි ඇතිකරගත් ඡන්දරාගය. මේ ඡන්ද රාගයද ඇතිවෙන්නේ දන් "මෙන් ජීවිතය තුළින් අතහැරීමේ ශක්‌තිය ඇති කරනොගැනීම නිසාය. මොහු මනුෂ්‍ය ජීවිතයේදී පුරුදු පුහුණු කරපු ශක්‌තිමත් ධර්මශක්‌තියක් තිබුණා නම් භූත ස්‌වභාවයෙන් මිදෙන මොහොතේ එම අතීත ධර්ම ශක්‌තිය මතුවී ශක්‌තිමත් මනුෂ්‍ය දිව්‍ය ස්‌වභාවයක් ලැබීමට ඉඩ තිබිණි යෑයි භික්‍ෂුව අනුමාන කරයි.
මේ මොහොතේ මොහු කොහේ සිටිනවා දැයි භික්‍ෂුව නොදනී. නමුත් අදාළ ඥාතීන් භික්‍ෂුවගෙන් විමසුවේ දැන් කුමක් කළයුතු දැයි කියලාය. 'දැන් මොනවා කරන්නද? මොහු වෙරළු ගසේ රැදිලා සිටින්නේ යමක් දැඩි ලෙස ඡන්ද රාගයෙන් අල්ලාගෙන. එම ඡන්ද රාගය තිබෙන තාක්‌කල් මොහු මෙතනින් ගලවා ගන්න බැහැ. මෙයා ගෙදර දොරටුව ඉදිරියෙම ගසට වෙලා තම සහෝදරයා, දරුවා, ඥාතීන් බලමින්, දකිමින්, සතුටුවෙමින් ඇති. ඔබ කළ යුත්තේ මේ වෙරළු ගස මුල ආසනයක් හදලා, දිනපතා එම ආසනයමත ඉදගෙන මේ ඇස, කන, නාසය, දිව, මනස, කය අනිත්‍යයයි කියලා සඡ්ඡායනය කරන්න. නැවත නැවත මෙය ඇසෙන විට ඔහු සිතන්න ගනී මේ කියන්නේ මොකක්‌ද කියලා. අර්ථය, ශබ්දය, රසය ටික ටික දැනේවි. කුසල් සිතුවිලි මතුවේවී වෙනසක් සිදුවෙන්න පුළුවන් ඔතනින් පමණයි. 'හැබැයි මොනම හේතුවක් නිසාවත් තම ඥාතියා මෙවැනි ජීවිතයක් ලබා වෙරළු ගසේ සිටිනවා යෑයි ගෙදර අනෙක් අයට කියන්න එපා' යෑයි භික්‍ෂුව කිව්වා. එයට හේතුව ජීවත්ව සිටින අයට අමනුෂ්‍ය සංඥා වැඩෙන නිසාය. තම වැඩිහිටි සහෝදරයා තමාගේ අධ්‍යත්මික වර්ධනය උදෙසා වෙරළු ගස මුල දැනටත් අනිත්‍ය සඡ්ඡායනාව කරනවා ඇතැයි භික්‍ෂුව අනුමාන කරයි. එය මියගිය අයට සේම ජීවත්ව සිටින අයටද ආශිර්වාදයක් මිස දුක පිණිස හේතුවන දෙයක් නොවේ. ජීවත්ව සිටින තැනැත්තාටද එය සතර අපායෙන් මිදීම සඳහා හොඳ කමටහනකි. ඔබද මේ සටහන කියවා යම් කුසල් සිතක් ඇතිවුනා නම් එම පින එම ඥාතියාට අනුමෝදන් වේවායි· සිතන්න. ඔහුට එය සුගතියක ඉපදීමට මහෝපකාරිවනු ඇත. මෙය කියවන නොකියවන පිංවත් ඔබද ධර්ම මාර්ගයේ ගමන් නොකිරීම නිසා මරණින් පසු අත්වන විපාක දැක නිරතුරුවම සතර අපායෙන් මිදීම අරමුණුකර තෙරුවන් කෙරෙහි අචල සද්ධාව, ශීලය, දානය ජීවිත තුළින් වඩන්න.
මගේ කර රැස්‌කරන්නාවු සෑම දෙයකම අනිත්‍යය බව දකින්න. ඔබ මෙසේ සතියෙන් සිහියෙන් යුතුව ජීවත්වන්නේ නම් එසේ ජීවත්වන මොහොතක් පාසා විභවේ ආලෝකය ඔබ අත්විදිනු ඇත.
ඉන්ද්‍රජිත් සුබසිංහ
http://www.divaina.com/2013/08/18/feature02.html

Sunday, August 18, 2013
පාෂාණ භූ රූප විද්‍යාවේ විචිත්‍ර චිත්‍රය
පාෂාණ භූ රූප විද්‍යාවේ විචිත්‍ර චිත්‍රය
පාටකූරුවලින්
වර්ණ ගන්වපු විචිත්‍ර චිත්‍රයක් එහෙමත් නැත්නම් අවිශද කලා කෘතියක දර්ශනයක් කියල
හිතුණද? මේ චීනයේ භූ දර්ශනයක්
කිව්වොත්, එ තරම් ම පුදුම යි
නේද?
/
/
ඒත්,
උත්තරය නම්, ඔව්..
/
/
මේ
චීනයේ ගන්සු පළාතේ ෂැන්ග්යේහි ලින්ෂේ කියන ප්‍රදේශයේ නිජිආයින්ග් නගරයේ නැන්ටයිසි
ගමෙහි භූ දර්ශනයක්..
/
/
රතට
හුරු වැලිගල් ස්ථරයන්ගෙන් යුක්ත වූ භූමි භාගය දිගු කාලයක් සේදීමට ලක් ව වක්‍ර ගල් පරයන්ගෙන් වටවුණු කඳු පෙළක්
සහ අසාමාන්‍ය ශිලා පිහිටීම් දක්වා පත් ව තිබෙනවා.
නිල්, රතු සහ රන්වන් පැහැ වැනි වර්ණයන්ගෙන් දිස්වෙන මෙම පාෂාණ පිහිටීම්
ඇස් පුදුමයට පත් කරන්නක්.
/
/
මෙම දැකුම්කලු දසුන පන්සල් ගණනාවකට
නිවස්න වන මෙම පෙදෙස හරහා සොබා දහම සහ බෝට්ටු ගමන් රස විඳීමට පැමිණෙන සංචාරකයන්ගේ
ද නොමඳ ආකර්ෂණයට ලක් වන්නක්.
/
/
මෙම භූමිය බොහෝදුරට ක්‍රිටේසීය යුගයේ
වට පිඬු පාෂාණයන් (conglomerates) සහ රතු පැහැ වැලිගල්
අන්තර්ගත ව චීනයේ පමණක් පිහිටා ඇති පාෂාණ භූ
රූප විද්‍යාවෙහි (petrographic
geomorphology) විශේෂ වර්ගයේ එකක්.
/
/
ලෝක උරුමයන් පිළිබඳ කමිටුව 2010 අගෝස්තු 01
වැනි දින බ්‍රසීලයේ අගනුවර වන බ්‍රසීලියාහි පිහිටි එහි 34 වැනි සමුළු රැස්වීමේදී ලෝක උරුමයන් පිළිබඳ
ලැයිස්තුවට චීනයේ ඩැන්ෂියා භූමිකඩ ඇතුළත් කිරීමට තීරණය කෙරුවා.
නියම
චීන ක්‍රමයට, දැන් මෙම පාෂාණ පිහිටීම් හඳුන්වන්නේ ‘ලෝක ප්‍රකට යුනෙස්කෝ චීන භූ උද්‍යානය’ කියලයි.
හුනාන් පළාතේ ලැන්ග්ශාන් කන්ද, වැන්ෆොෂාන් කන්ද, ෆුජිආන් පළාතේ ටයිනින් සහ ගුආන්ෂුශාන් කඳු, ජිආන්ග්ෂි පළාතේ ලොන්හු සහ ගුයිෆෙන්ග් කඳු, ගුයිෂු පළාතේ චිෂුයි කන්ද, ෂෙජිආන්ග් පළාතේ ෆැන්ග්යාන් සහ ජිආන්ග්ලැන්ග් කඳු සෙසු ඒවායි.
ඔබත් කැමතිද ඉතින් මේ පාට පාට කඳු යායක් මැදින් ඇවිද යන්න…
ෂසිකා
අමාලි මුණසිංහ
Subscribe to:
Posts (Atom)