Friday, August 9, 2013

අනා රස මුසු කර ජීවිතය හදකින - බෙදා දුන් බිරිඳට තලන්නේ කවුරුද??

Woman's face

මම ඇගේ දෙතොල දුටිමි. ඒවා රත් පැහැ ව තැලී ඉදිමී ගොස් තිබේ. දෙතොල පමණක් නොවේ; මුළු මුහුණ ම තැනින් තැන සීරී ගොසිනි. මට එහි සිටීමට මහත් අපහසුවක් දැනේ. එහෙත්, ඉන් පිටවීම ද සැණින් කළ නොහැක.

මගේ ඇසින් කඳුළු පනින්නට පොර බදයි. මා දෙතොල් සිත සැලෙන විලස ම භීතියෙන් සැලෙයි. මම ඉඩ ලද විගස මගේ කුටියට පැමිණ හඬන්නට වුණෙමි. ඇය නිතර පහර කෑමට ලක් වන බව මා අසා තිබුනත් මා එකී පහරක සලකුණු මුල් වරට දුටුවේ අද ය.

පිරිමින් මෙලෙස ගැහැනුන්ට පහර දෙන්නේ මන්දැයි.. කෙලෙසදැයි මට සිතා ගත නොහැක. එය 'ක්ෂණික කෝපය' කියා හැම විට ම සාධාරණීකරණය කළ හැකිද?

මේ සියල්ල විඳ දරා ගෙන සිය පවුල රැක ගන්නා කාන්තාවන් කොපමණද? වරක් පහර දෙන විට දෙවරක් පහර දීම ස්ත්‍රීවාදීත්වය නම්, මම ද එවැන්නියක් විය හැකැයි මට සිතේ. අප පෙනෙන නොපෙනෙන කිසිවෙකුට පහර දිය යුතු නැති සේ ම සැම විට ම අඳ බාල මිනිසුන්ගෙන් පහර කෑ යුතු ද නොවේ. එහෙත්, සාමාන්‍ය ගැහැනියකට මෙයාකාර සිතිය නොහැකි බව මම දනිමි.

තව ද, මට අවිශ්වාසයකි; සැමියෙකුගෙන් වරක් හෝ පහර නොකෑ බිරින්දෑවරු මේ ලොව සිටිත්දැයි...

මම නොදනිමි. එහෙත්, අද දවස පුරාවට මා ඇගේ ඉදිමී ගිය සියුමැලි මුහුණ දකිනු ඇත. ඇය මගේ බැල්ම මඟ හළ 'යුරු පෙනෙනු ඇත.

මේ සියලු මිනිසුන් වෙත ආදරය ලබා දිය හැකි විශාල හදවතක් මා සතු වී නම්...

එහෙත්, මට ඇත්තේ කුඩා හදවතකි;
විවිධ වර්ණ හැඟීම්ව්වලින් පිරී ගිය කුඩා හදවතකි.

අනා රස මුසු කර ජීවිතය හදකින
බෙදා දුන් බිරිඳට තලන්නේ කවුරුද??

Picture owner - unknown, found on the web

2 comments:

  1. ඉතාමත්ම අවාසනාවන්ත,එහෙත් ලෝකයේ අඩු වැඩි වශයෙන් සැම තැනම සිදුවන කනගාටුදායක සිද්ධියක්ය.පෙරලා පහරදීම ශක්තිවන්තයා ජයගනී යන තැනින් කෙලවර වෙයිද?නිහඬව සිටීම ප්‍රශ්නයට උත්තරයක්ද?
    මේ ලඟදී මෙහේ පත්තරයක තිබුනා ගෑණි ගහනවා කියලා පොලිසියට ගිය පිරිමියෙක්ගේ කතාවක්.

    ReplyDelete
  2. හෘද සාක්ෂියට එකගව පිළිතු රක් දිය නොහැකියවන්නන් සිටීනම් ඒ එක්වරක් හෝ තම බිරියට පහරක් දුන් අයෙකු නිසැකය

    ReplyDelete