Thursday, August 8, 2013

සිරිමත් මගෙ සකි



සිරිමත් මගෙ සකි
අසරණ ළමයෙකි
නොදත් මුසා වැකි
මිණිවර මල් දැකි

බමන මතින් උන්
සංකර බමරුන්
ගෙන මල පිරි රොන්
පැන යන ඔහුරින්

මානන 'ඟිලි දැක
පායන ඉර සක
ගිනිගත් සිරි ලක
සිරිමත් නිහඬෙක

අරුම ගුලාවකි
අවර වලාවකි
නියඟ කලාවකි
මූඪ මුලාවකි

කහ ඉර මත මළ
හැඟුම් විහඟ පෙළ
නුදුටුව 'යුර පල
දිවි ගෙවු සිරි මල

Picture - W. Kandinsky

1 comment: