Thursday, August 1, 2013

හිත පුරා නොනවතා කවි ලියමි

Picking Flowers

පාළු තැනිතලා දිගේ ඇවිදිමි
ඇස අසල හරිත පැහැය ම සොයමි
නුදුටුවත් හිත ළගන්නා සිහින
හිත පුරා නොනවතා කවි ලියමි

සිත පුරුදු සිහිලස ද දුර ගියේ
දැන හඳුන ගම මෙන් ම නගරයේ
රූං පෙති කැරකුණත් ටැම් ගෙයේ
මතු මහල වැළපෙනා කවි තියේ


Picture - Ada Shulz, American, 1870 - 1938


1 comment:

  1. කොහි තියෙන්නෙද ළගන්නා සිහින
    නෙත කෙවෙනි බොද වෙමින් හඩන විට
    සිත ගුලි ගැහෙන සිලි සුළගට
    මුසුව යාවි දෝරෙ ගලනා ... එකම සතුටු බිදුවත්

    ReplyDelete