Sunday, August 18, 2013

පාෂාණ භූ රූප විද්‍යාවේ විචිත්‍ර චිත්‍රය

http://www.dinamina.lk/epaper/art.asp?id=2013/08/19/pg24_3&pt=p&h=


පාෂාණ භූ රූප විද්‍යාවේ විචිත්‍ර චිත්‍රය

පාටකූරුවලින් වර්ණ ගන්වපු විචිත්‍ර චිත්‍රයක් එහෙමත් නැත්නම් අවිශද කලා කෘතියක දර්ශනයක් කියල හිතුණද? මේ චීනයේ භූ දර්ශනයක් කිව්වොත්, එ තරම් ම පුදුම යි නේද?
/
ඒත්, උත්තරය නම්, ඔව්..
/
මේ චීනයේ ගන්සු පළාතේ  ෂැන්ග්යේහි ලින්ෂේ කියන ප්‍රදේශයේ නිජිආයින්ග් නගරයේ නැන්ටයිසි ගමෙහි භූ දර්ශනයක්..
/
රතට හුරු වැලිගල් ස්ථරයන්ගෙන් යුක්ත වූ භූමි භාගය දිගු කාලයක් සේදීමට ලක් ව වක්‍ර ගල් පරයන්ගෙන් වටවුණු කඳු පෙළක් සහ අසාමාන්‍ය ශිලා පිහිටීම් දක්වා පත් ව තිබෙනවා. නිල්, රතු සහ රන්වන් පැහැ වැනි වර්ණයන්ගෙන් දිස්වෙන මෙම පාෂාණ පිහිටීම් ඇස් පුදුමයට පත් කරන්නක්.
/
මෙම දැකුම්කලු දසුන පන්සල් ගණනාවකට නිවස්න වන මෙම පෙදෙස හරහා සොබා දහම සහ බෝට්ටු ගමන් රස විඳීමට පැමිණෙන සංචාරකයන්ගේ ද නොමඳ ආකර්ෂණයට ලක් වන්නක්.
/
මෙම භූමිය බොහෝදුරට ක්‍රිටේසීය යුගයේ වට පිඬු පාෂාණයන් (conglomerates) සහ රතු පැහැ වැලිගල් අන්තර්ගත ව චීනයේ පමණක් පිහිටා ඇති පාෂාණ භූ රූප විද්‍යාවෙහි (petrographic geomorphology) විශේෂ වර්ගයේ එකක්.
/
ලෝක උරුමයන් පිළිබඳ කමිටුව 2010 අගෝස්තු 01 වැනි දින බ්‍රසීලයේ අගනුවර වන බ්‍රසීලියාහි පිහිටි එහි 34 වැනි සමුළු රැස්වීමේදී ලෝක උරුමයන් පිළිබඳ ලැයිස්තුවට චීනයේ ඩැන්ෂියා භූමිකඩ ඇතුළත් කිරීමට තීරණය කෙරුවා. 

නියම චීන ක්‍රමයට, දැන් මෙම පාෂාණ පිහිටීම් හඳුන්වන්නේ ලෝක ප්‍රකට යුනෙස්කෝ චීන භූ උද්‍යානය කියලයි.

ගුආන්ග්ඩොන්ග්හි ඩැෂියා කන්ද වඩාත් සුප්‍රසිද්ධ වුවත්, සැබවින් ම ඩැෂියා චීන ලෝක උරුම භූමිභාගය විසින් දකුණු චීනයේ භූ දර්ශනයන් ගණනාවක් ආවරණය කරනු ලබනවා.
හුනාන් පළාතේ ලැන්ග්ශාන් කන්ද, වැන්ෆොෂාන් කන්ද, ෆුජිආන් පළාතේ ටයිනින් සහ ගුආන්ෂුශාන් කඳු, ජිආන්ග්ෂි පළාතේ ලොන්හු සහ ගුයිෆෙන්ග් කඳු, ගුයිෂු පළාතේ චිෂුයි කන්ද, ෂෙජිආන්ග් පළාතේ ෆැන්ග්යාන් සහ ජිආන්ග්ලැන්ග් කඳු සෙසු ඒවායි.

ඔබත් කැමතිද ඉතින් මේ පාට පාට කඳු යායක් මැදින් ඇවිද යන්න…

ෂසිකා අමාලි මුණසිංහ

1 comment:

  1. මෙතරම්ම වර්ණවත් නොවුවත් බ්‍රිතාන්‍යයේ අයිල් ඔෆ් වයිට්[ISLE OF WIGHT] මුහුදු තීරයේද මෙවන් ස්ථානයක් ඇත

    ReplyDelete