Thursday, August 8, 2013

මා නෙලූ මල මානෙල්

රන්සිට සහ මානෙල්ට මහත් ආදරයෙනි.



මා නෙලූ මල මානෙල්
කඳුකරයෙ විල කුසුම් නයනෙන්
මා නෙලූ මල මානෙල්
නෙලූ මල මානෙල්

තිමිර තිර ඇඳි සන්ධ්‍යා තීර්ථයේ
තිසර රුව සදිසි ධවල හදවතිනේ
සිටින බව ඈ දුටු පිනෙනි
මෙවන් තුටු හද උත්තරණ මැවුණේ

කතර තුඟු තුහින වැසි මැව් රාත්‍රියේ
පෙති විදහ ඔබ සිනාසුණු හැටි පෙනේ
තිළිණ වුණු ඔබ ආලයෙනි
රුවන් තුසිරය මා හදේ නැඟුණේ

ඡායාරූපය - අනවසරයෙන් උපුටාගන්නා ලදී.

3 comments:

  1. මලක් නෙලා විලක් ලදිමි
    විලෙහි සුපුල් මලුත් ලදිමි
    විල් තෙර මල් පිපෙණු දකිමි
    දෝතින් ගෙන මම සිඹිමි සිඹිමි


    -රන්සිරිමල්

    ReplyDelete
  2. හිතුවෙ නැ නුඹ සොරෙකු කියලා
    කදුකරයෙ ඇති මලක් නෙලලා

    ReplyDelete