
සීතල හිම දෑත් ගල් කරන වැඩ මාවතේ
සුදු හිම කැටියක්ව
පාවාදෙන්නන් මැදින් ඇවිද යමි
තුවක්කුව පපුව මැද තියාගෙන
පාවෙල් කොර්චාර්ගින් මෙන් බලා ඉමි
බියකරු ප්‍රපාතය මැඩ ගිර නැඟ ඇවිද යමි
ප්‍රේමයට ව්‍යාජය පෑ නොහැකි අරුතක් නම් ජීවිතය
දිනුම් පැරදුම් එක තැන කැටි විය යුතුය
තා-ඕ-චිං වගේ සාමාන්‍ය මං පෙත් දිගේ ඇවිද යන කල
ජීවිතය නැවතිය යුතුද
ජීවිතය යනු විප්ලවයේ මුසාවක් නම්
කාලය එහි සැබෑ අරුත නම්
අප මළවුන්ව සදා වැතිරිය යුතුය
ව්‍යාජය තුළ රෝස මල් පිපෙන
වසන්තය නොපැතිය යුතුය
පාවෙල්, මේ වේදනාව අත හැර යළිත් මා ඇවිදිය යුතුය
Picture - Paul Gustave Fischer, Danish, 1860 - 1934, Højbro Plads, København