
සූර්ය කදම්භයක් මෙන් මතකය
වාසගමක්වත් නොදැන
ක්‍රිස්ටිනා මම ඔබව කොහොම නං හොයන්නද
කැග්නොසෝවට වෙලා සිලෝන් ටී බිව්ව හැටි
ළා කොළ පාට හැඩ කළ කේක් ගෙන'විත් හිනැහුණු හැටි
ආගන්තුකයා මා කියා කැෂියරයට සල්ලි ගෙවු ගැටි
මතක් වෙන කොට මොකක්දෝ අඩුවක් මගේ හිතටම දැනෙන හැටි
ග්‍රැහැම් එක්කල මහ පාරෙ උඩ පැන පැන නැටු හැටි
තොරතෝංචියක් නැතුවම කතා පොත් ගැන කතා කළ හැටි
මොහොතක් කියන්නෙත් කල්පයක් බව නිහඬව කියා දුන් හැටි
බොහෝ දුර ඇවිද 'විත් නවාතැන්පොළට ඇරලුව හැටි
අමුතුම පාට ගස් කොළන් අතරේ සන්ධ්‍යා කාලයට ගී ගයමින්
මිණිමය සිනාවක් අරන් ඈතට ඇදී ගිය සීතල සුළං අතරින්
ක්‍රිස්ටිනා කවියක් නම් ඔබ, මට ගයන්නට අවැසිය එය
මිත්‍රත්වයේ උණුසුමින් ඉතාම සරල තානයකට
@ Pâtisserie Mage Sàrl http://www.patisseriemage.ch/html/chocolat.html
No comments:
Post a Comment