Saturday, October 20, 2012

මා හිනාගස්සන කවිය

ගුණදාස මාමා
මගේ අලුත් ම කවිය
ඔව්, මා හිනාගස්සන කවිය

මගේ ඔෆීසියට කිරි ඉතිරූ
පොල් හනසු ගෙන ගිනි දැල් වූ
දුව පැන කඩිමුඩි ව
සුදු බිත්ති පුරා සිහහව තැවරූ

අබලන් ව ගිය මගේ සපත්තු
අහුලාගෙන ගෙන ගොස්
නගරයේ සපත්තු වෙළෙන්දාට දී
අලුත් මල්කම් කොට
සිනහ මල්කමින් හිත පුරවා
ගෙට ගෙනවිත් හිනාවූ

කියූ සැණින් ලියුමක්
අකුරු කොටා නොදුන්නා යැයි තරහ ව
ගෙට ඒම අත් හැර
ඔෆීසියේ වීදුරුවලට ඔබ්බෙන්
නොදන්නා සේ අහක බලා ගෙන ම
යන්ට විය
ඔව් ඒ, ගුණදාස මාමා

වසරක් පුරා ඔහු යන මේ ගමන
දකින හැම විට
කුඩා දරුවෙකුගේ හිත සිහි ව
මම රහසෙ ම හිනහ වුණ

කලකට පසු ව
අමතක වුණු සේ පෙර ගමන
හිනා කට පුරවා
යළිත් ගෙට ගොඩ වන

තව ටිකකින් තරහ වන
නැවත කලෙකින් යළිත් එන
මා හිනාගස්සන කවිය
අපේ ගම ගුණදාස මාමා..



No comments:

Post a Comment