ගැහැණියක් හැඬුවාය
බැංකුවක් ඉදිරිපිට
අරුංගල් දෙකක් පමණයි
ඒකත් කණෙයි තිබුණේ
හත්සිය පනහක් විතරක් දුන්න ම
පින්සිපොල් ගේන්නයි අණ දුන්
දෙදාහ ගෙනියන්නෙ කෝම මං
ළඟ ම තිව් ඉස්කෝලෙට දාගත්තෙ
මං නූගත් අකුරු උගන්නන්ට
මයෙ හිතේ මට මතක නෑ
ඉස්සර මයෙ ගුරුන්
ගුරු පඬුරු පනං ගත්තෙ නෑ
කන්නන්ගර සාමි
මං ළමය
ආණ්ඩුවෙ ඉස්කෝලෙටනෙ දැම්මෙ
බැංකුවක් ඉදිරිපිට
අරුංගල් දෙකක් පමණයි
ඒකත් කණෙයි තිබුණේ
හත්සිය පනහක් විතරක් දුන්න ම
පින්සිපොල් ගේන්නයි අණ දුන්
දෙදාහ ගෙනියන්නෙ කෝම මං
ළඟ ම තිව් ඉස්කෝලෙට දාගත්තෙ
මං නූගත් අකුරු උගන්නන්ට
මයෙ හිතේ මට මතක නෑ
ඉස්සර මයෙ ගුරුන්
ගුරු පඬුරු පනං ගත්තෙ නෑ
කන්නන්ගර සාමි
මං ළමය
ආණ්ඩුවෙ ඉස්කෝලෙටනෙ දැම්මෙ
No comments:
Post a Comment