Saturday, July 14, 2012


අම්මා වෙරළු ගෙන එනතුරු
මඟ බලා අඬද්දී බාලකල
පා දයා මෙත් සිත්
කිරි පැණි දුන්නු සඳ

හැම රෑක ම එබිකම්
දත් මැද්දද බලන්නැයි
ඉස්කෝලේ ගුරුතුමීගෙ
ඔත්තුකාරි වුණේ ම සඳ
රෑ තිස්සේ අකුරු පොතේ

වෙහෙසෙන කොට මා මන ඇස
නිදි වැරුවා මා හා සඳ
එසඳ තනිය දුර හරිමින

ප්‍රේමය සඳ එළියක් සේ
දිවි මංපෙත එකලු කෙරුව
සුවඳ පිරුණු රෑ යාමේ
හිත ඇතුළට රිංගාගෙන
උණුහුම වින්දා සුදු සඳ
වසන්තයේ පොකුරු පොකුරු
මල් අතු අග හිනැහෙද්දී
තරු වලටත් හොරෙන් ම මං
ගෙට ගෙන ආවේ මගෙ සඳ

සඳ අමනාපව හිත බිඳ
යහන කොනක ඉකිබිඳ බිඳ
නෙක නෙක වන් ගතු කියද්දි
එහා ගෙදර බැල්කනියෙන්
එබිකම් කර හිනැහිණි සඳ






No comments:

Post a Comment