Saturday, July 14, 2012


සෙනෙහසේ වැසි වස්සවා
සිහිල් සිලිල් සුරැකවා
නුඹේ සිත් වෙල
අස්වැද්දවූයේ සොඳුර
වෙල මඩ මත
වියැට වපුළේ
අස්වනු නෙළනු මිස
නුඹ නෙත අටුව කොට
බොල් වියැට පොදි බඳිනු
පිණිස නොව
නුඹ නොරිසි නම්
වැට කඩුලු බැඳ
නුඹ රැක ගනු කෙලෙස
බලා ඉන්නවා මිස
දාහයෙන් මුසපත්ව
මියැද යන'යුරු සොඳුර

 

 

 

 

 

 

 

No comments:

Post a Comment