Saturday, July 14, 2012

පුංචි අපේ රැළි මාලය


පිනි කැට මුතු කැට විලසින්

පාසල් ගවුමේ ඇමිණුන
වහන් නැතුව පාසල් ගිය
පුංචි අපේ රැළි මාලය

පොල් පිති හරකුන් දැක්කුව
උඩරට මැණිකේ වෙල උඩ
ඇසළ ගසින් ඔය ඉවුරට
හූ තබමින් අපි පියැඹුව

මේ රට හැම කඳු අපේ ය
ඇළ දොළ ගංගා අපේ ය
වන මැද පොබ හැම මල් කම්
මතු නොව පරඬැල් අපේ ය

නගරෙට නම් හරි මදිකම්
පිට රට ලෙද ගෙවනා කම්
තම රට දේ රන් නැති නම්
නොමැති ලෙද ය සුරස වරම්

Picture - Captured by me, Diyaluma Waterfall

No comments:

Post a Comment