Saturday, July 14, 2012

හිමියනි


හිමියනි
ලැවැන්ඩර් මල් පිපුණෙ නෑ
ජීවිතේ හැම විට ම

තැලී වැළපුණු ඈ ඇසිල්ලක

ළදළු හා මල් පෙතී
රැසින් පිරි මැදි රිවිඳු
ඔබ මැ විය දිවි තෙරේ

සසැලෙන සැහැසි දන මුව
නොසැලී සිටින්නට
මහා කරුණා දයා
නොනිමි ව බෙදන්න්ට
කියා දුන් නිසා ඔබ
අද ද හිරු දකිමි මම

මඟ ඵල බෝ ඈත
එ නිසා වෙයි රිදුම්

"
කමක් නෑ ආනන්ද
නොසැලී සිටින්ට හිත තනන්ට
එදත් මිනිසුන් ඔහොමයි
නොසැලුනෙමි මම්
ඔබට මතකද
ආනන්ද.."

Picture Source - fanpop.com/clubs/flowers/images/34658215/title/beautiful-lavender-photo

No comments:

Post a Comment