අතරමඟ කැඞුණූ
පැජරෝවකින් බැස
මහ පාර මත වැතිරිණි
මගේ ප්‍රේමය
ඇන්ජිම ස්ටාර්ට් වන්නට
ඉඳූල් කළ
ලවන් මත සිට
හැඞූවාය
ප්‍රථම හාදුව
කෑ ගසන්නට විය
මහා හයියෙන්
ම'දෙස නෙත හෙළා උන්
පාළු'ඹර
පිරිසිදු
මගේ තරු කැකුළ
හිට්ලර්ගෙ යුද්ධයේ
යුදෙව් යුවතියකි
මම
කඞු කිණිසි නැතිවම
සටන් කළ
ප්‍රේමයේ සුසුදු
අවසාන යුෂ බිඳ ද
අහිමිව
අවසඟව යද්දිත්
සටන
අත් නොම හළ
එහෙත්,
එහෙත් හැඞූවාය
තරු කැකුළ
ගිරි කුළෙන් පැන ගිය
වියරු සඳ මඞල පතමින
ඉහළ කන්දෙකි
පහළ බෑවුමෙකි
එ මැද පාරෙකි
මහ පාර මත වැතිරිණි
මගේ ප්‍රේමය
No comments:
Post a Comment