Saturday, July 14, 2012

හිස නමා පුදමි මගේ ගම


කෙලෙහි ගුණලන ගමක් වේ නම්
අන් කවර ගම එ ගම මගෙ ගම
මගේ නෑදෑයින් සිටින ගම
මගේ පණ නළ සැඟව ඇති ගම

සියල්ලන් නෑයන් ය එහි
සියල්ලන් මිතුරන් ය එහි
සියල්ලන් විරුවන් ය එහි

ගහකොළ ඇළ දොළිනි පණ ලැබූ
කඳු මෙන් එක් ව අත්වැල් බැඳූ
මිනිසුන් සිටින ගම මැ යි
එය මගේ ගම මැ යි
හිස නමා පුදමි මගේ ගම
මිණි කිරුළු ලා දිනෙක මතු 

Picture - Captured by me, Doragala Mountain, Kotagama, Bibile

No comments:

Post a Comment