Saturday, July 14, 2012

ගොවි රජා නුඹ කෙතේ












අඹරමුද අපි වැල්
දෙපස හිනැහී හිනැහි හිනැහී
දඟ දාන අම්බරු අඹන්නට
ගොවි රජා නුඹ කෙතේ
මමයි රජ මිනිබිරී. . .

කෝපි ගස් යට සුවඳ අරුමැසී
රස කතා රුව වපුළ ගුණ කෙතේ
මහෞෂධ විය ඔබ ම උම්මග්ග ජාතකේ
මුවන්තිස් කුමරු රැක මඟ බලන හැම කලේ                                          

මඩ කඩිති මත නටන මියුලැසී
පුවක් ඇහිඳූ එකල මිණි ලෙසේ
කොස් කොළින් කිරුළු ලන මම පුංචි මිනිබිරිය
නයිකාරයින් ඇවිත් නුඹ නැතිව බිය වැදුණ

Picture - My loving grand father with me


No comments:

Post a Comment