Saturday, July 14, 2012

අතීතය රස කතා

Nicholas Kornilovich Pimonenko, Title Unknown

මතක මල් කෙමි අගට බිඟු ඇවිත්
සි සී කඩ විසිරිලා අතීතය රස කතා
මතක මල් කෙමි අගට බිඟු ඇවිත්

ගම්මිරිස් පත් අතර
විසිරි නුඹ අත් සිහි ව
නෙතට කඳුළැලි උනන තරමට
අතීතය හද දවයි අද

නුඹ වියූ පොල් කොළ පැදුරු
මත වැතිර මගෙ සිහින
'තොරක් නොමැතිව හඬන
බව නොදැන ඔබ නිදන

මහ පොළොව මගේ ගම
මගෙ හුස්ම ගැහෙන බිම

Picture -
Nicholas Kornilovich Pimonenko, Ukranian, 1862 - 1912

No comments:

Post a Comment