Saturday, July 26, 2014

සුරංගනාවියක් මං



සුරංගනාවියක් මං
ඔව් ඔව් සුරංගනාවියක් මං
වස්දඬු රාවෙට නැළවෙන
අත්තටු සල සල ඇවිදින් - මිහිරි සුවඳ බොන
සුරංගනාවියක් මං

දේදුන්නේ පාට අරන් මහ පොළොව එනා
වැසි දිය හා කලත කුසුම් පාට කරමිනා
සුවඳ ඉඹින සුවඳ බලන සුළඟ සමඟිනා
මරු කතර දිගේ තුරු ඇට ගෙන ඇවිද යනා

කඳු සිරසේ මීදුම ළඟ නතර වෙන මඳක්
සුදු සේලේ ගෙත්තම් ලන රෝස පෑ බිඳක්
තටු විහිදා රඟන අතර සතුටු පිරි ගසක්
බිම වැටෙනා ඉදුණු පතක දුක දකින හදක්

Picture - James Browne

1 comment:

  1. සුන්දර අහිංසක ජීවිතයක හැගුමක්

    ReplyDelete