Saturday, July 5, 2014

පොකුරු පොකුරු වැහි අතරේ



පොකුරු පොකුරු වැහි අතරේ
මලින් මලට බිඟු ලිවු කවි මැකෙයිද මන්දා
සොවින් වළප වියැකේවිද මල් මකරන්දා

සෙනේ සිතින් පාද තබා නිම්න ළවැලි මත
මල් මියැසිය තබා හදක සෘතුවෙන් සෘතුවට
ගමන් යනෙන අතර වරෙක සුවඳට ලොබ බැඳ
මේ කව් ගී ලියූහ බිඟු' ළමලක පෙති මත
ළමලක පෙති මත

සුළං කපොලු පසු කර එන හද බැඳි තාලෙට
පොදින් පොදට සුසුම් හෙළන විසිතුරු පාටට
දේදුනු පත් විසි කර අර පෙරඹර අහසට
වැසි මකයිද හද බැඳි රුව ඇසි පියනක් යට
ඇසි පියනක් යට

Picture - Claude Theberge

1 comment: