Sunday, July 13, 2014

කවි අයිති ලියන්නන්ටම නොවෙයි!



කවි අයිති ලියන්නන්ටම නොවෙයි
ලියූ අකුරින් පෑරෙන්නන්ටදය මිත
සිතුවම් අයිති අඳින්නන්ටම නොවෙයි
සියලු පැහැයෙන් නැහැවෙන්නන්ටදය මිත
සමනලුන් අයිතිය මල්වලට නොවෙයි
මල් උයන් සිඹින සුළඟටද ඇත
කවි තිබෙන්නේ ඇවිලෙන්නට නොවෙයි
සිප වැළඳ එහි කිමිදෙන්න මිස

Picture - Francois Fressinier

4 comments:

  1. ලියන්නා නැතිනං කොහේද ඕවා.. කරමුද වාදයක්!!

    ReplyDelete
    Replies
    1. වාදයට වඩා අප රිසි
      විඳීමටයි මිත්‍රයා!

      Delete
  2. ලියූවෙමි කවියක්,

    මුදාහැර මද පවන් රැලි මත,
    පියාඹා යන අයුරු ඒ මම,
    බලා සිටියෙමි,
    සිනාසෙන දෑසින්,

    අයිති ඒ නුඹටයි,

    මසිත උපදින විහඟ හැඟුමන්,
    අකුරු කල පත් ඉරු සහස් මත,
    විඳින නිරතුරු,
    නොදුටු නුඹටයි,
    අයිති ඒ නුඹටයි,

    ReplyDelete