Friday, July 11, 2014

මා අවට මිනිස්සු



ඉදිරිපිට නිවසක ඉහළ මහලෙහි
රාත්‍රී ඇඳුමින් සැරසි අඟනක්
වසයි තිර රෙදි දිගැර උස් කවුළු
පහළ මහලේ වියපත් ළඳක්
විදුලි ලාම්පුවක් ඔසවා සොයයි යමක්
මේ දෙදෙනාට නොපෙනේ ඔවුනොවුන්

අසල නිවස ඉදිරිපිට
සසොබන පිරිමියෙකු 'මුත්
මඳක් ගැහැණු ගති ඇති
තරුණයා ගැස්සී යයි
මා බ්ලෙන්ඩරය කරකවන හඬින්

විශාල කුටි අතර සඟවමි සිනහව
එහෙත් නොහඳුනන තරුණ තෙම
එහි සිටීම සැනසුමකි සැබැව
හැඳිනිය යුතු බැවින් රාත්‍රියක අඳුර

Picture - Marc Chagall

No comments:

Post a Comment