Sunday, July 13, 2014

දිගු කසුකුසුව



දේශනය අහවර වූ කල
මරණීය බයක ගිලුණාක් මෙන්
ශාලාව නිශ්ශබ්ද විය
ඔබ සියල්ලන්ම
හොඳ අය වන්නට බැරි යැයි
අනතුරුව දේශකයා කීවේය
නරක අයට එහෙත් හොඳ වන්නට පුළුවනැයි
යළිත් ඔහු කීය
එකල මුළු මහත් ශාලාව සිසාරා
පැතිර ගියේය දිගු කසුකුසුවක්

Picture - Margarita Georgiadis

5 comments:

  1. Replies
    1. තර්ක ශාස්ත්‍රය අනුව නම්,
      සියල්ලෝම හොඳ අය නොවෙත්, එහෙත් කිහිප දෙනෙක් හරි හොඳ විය හැකියි..

      Delete
  2. හොද නරක අඩු වැඩිව ඕනෑම අයෙකු තුල ඇති බවයි මා කිව්වේ...

    ReplyDelete
    Replies
    1. මේ දේශකයා කවුද?

      Delete
    2. ඔයැයිටත් “මට මතක නෑ“ රෝගී තත්වය ඇති වෙලා වගේ.. හැක් හැක්..

      Delete